තෙනුශ්කටත් කවලා අවීනුත් කාලා ඉවර කරලා අත හෝදගන්න කියලා අවීන් එලියට ආවේ තෙනුශ්කට වතුර බෝතලේකුත් පුරවලා ගෙනත් දීලා..ඇයි ඉතින් ආපු ගමන් එක්කෙනෙක් කවුද මන්ද තව කෙනෙක් දීපු වතුර බෝතලේ එක හුස්මට බීලා ඉවර කරානේ.
අවීන් පන්ති ගාව තිබ්බ සින්ක් පෝලිමේ ටැප් එකකින් අත හෝදගෙන එද්දිත් තෙනුශ්ක පුටුවක් බිත්තිය ගාවට ලන් කරන් ඔලුව බිත්තියට ගහන් අතක් නලලට තියගෙන ඇස් පියන් හිටියා.අවීන් ටික වෙලාවක් ඒ දිහා බලන් ඉදලා කෙලින්ම තමන්ගේ බෑග් එක ගාවට ගිහින් pendol card එකක් අරන් තෙනුශ්ක ගාවට ඇවිත් තෙනුශ්කගේ කෙස් අස්සෙන් ඇගිලි ටික යැව්වා..ඒ සනීපෙටම තව ටිකක් තදින් තෙනුශ්ක ඇස් දෙක පියගත්තා.
කොහොමත් අද ඉස්කෝලේ ඉවර වෙනකම්ම ලැබ් එකට ගිය ලමයි ටික එන්නෙ නෑ කියලා අවීන් දන්නවා.Interval එකෙන් පස්සේ තිබ්බ ICT පීරියඩ් එකට ලමයි ටිකට Computer ලැබ් එකට එන්න කියලා පනිවිඩයක් එවලා තිබුන හින්දා ලමයි හැමෝම ලැබ් එකට ගියත් තෙනුශ්ක නැතිව යන්න කම්මැළි හිතුන හින්දා අවීන් ක්ලාස් එකටම වෙලා හිටියේ කොයි වෙලේ හරි තෙනුශ්ක ඇවිත් අවීන් පන්තියේ නැතිවුනොත් ආපහු බඩගින්නේම ground එකට යන හින්දා. ICT පීරියඩ් එකෙන් පස්සේ තියෙන General English පීරියඩ් එක උගන්වන මිස් අද ඇවිත් නැති හින්දා කොහොමත් අවසාන පීරියඩ් එකේ ලැබ් එකට ගියපු සමහරු ලැබ් එකේ පදිංචි වෙනවා..සමහරු ඉස්කෝලේ වටේ රවුමක් යනවා..එහෙමත් ටික දෙනෙක් ආපහු පන්තියට එනවා..
කොහොමත් 6-11 ලමයින්ට සද්දේ දැම්මත් ඒලෙවල් ලමයින්ගේ පස්සෙන් වැඩිපුර ගුරුවරු පැන්නුවේ නැතිවුනා වගේම සල්ලිකාර පුත්තු, මැති ඇමති පුත්තු ඉගෙන ගන්න Boys school එකක කොල්ලන්ට එක එක ලෙඩ දාලා විහින්ම අමාරුවේ වැටෙන්නත් ගුරුවරුන්ට ඔනේ වුනේ නෑ..ඒ හින්දම ද මන්දා ඒ ලෙවල් ක්ලාස් වල කොල්ලෝ ටික උන්ගේ පාඩුවේ ඉද්දී ගුරුවරු ටික එයාලගේ පීරියඩ්වල උගන්වන්න තියෙන ටික උගන්වලා තමන්ගේ පාඩුවේ හිටියා..
එහෙමත් එක කොල්ලෙක් දෙන්නෙක් නසරානි නොසන්ඩාල වැඩ කරත් ගොඩක් කොල්ලෝ තමන්ගේ ලෙවල් එක මේන්ටේන් කරන් යන්න සැලකිලිමත්වුනා..එහෙමයි කියලා සීලවත් කියලා කොල්ලෙක් නම් ඒ ලෙවල් සෙක්ශන් එකෙන් හොයාගන්නවා කියන්නේ ඉබ්බා වියසිදුරෙන් හද දකිනවටත් වැඩිය අමාරු වැඩක් වුනා.මොකද හැමඑකාම තමන්ගේ නමට හානියක් නොවෙන්න දාන්න පුලුවන් හැම සෙල්ලමම දැම්මා හීන්නූලෙන්..ඒක ඉතින් ගුරුවරුන්ටත් ප්රසිද්ද රහසක් වුනා.
YOU ARE READING
AmorE
Non-Fictionඉස්කෝලේ යන කොල්ලො දෙන්නෙක්ගේ වැඩ ගැන ලියවෙන හරි ලස්සන කතාවක්..ආදරය,තරහව,දඩබ්බරකම,මුරණ්ඩුව මතුවුන ලස්සන තරුණ කොලු ගැටව් දෙන්නෙක්... එන්න...කියවලාම බලමු....