තෙනුශ්කගේ ඇග පුරාම හිරියක් ගියා කියලා එයාට දැනුනා..
"චූටි බේබිට සනීප නෑ බේබි..මොනවා කරන්න ද කියලා දන්නේ නෑ බේබි මම"
"සනීප නෑ කියන්නේ..ඇයි මොක ද" යන්තම කකුල් 2කට පණ අරන් තෙනුශ්ක දඩිබිඩි ගාලා අවීන්ගේ රූම් එකට දිව්වා..ඒ පස්සෙන් සුජාතත් දුවගෙන ආවා..
රූම් එකට ආපු තෙනුශ්ක දැක්කේ ඇද උඩ කොට්ට අස්සේ ගුලි වෙලා ඉදපු අවීන්ව..ඇගට ශර්ට් එකක් තිබ්බේ නෑ වගේම බ්ලැන්කට් එක පපුව ගාවට එනකම්ම පොරවලත් තිබ්බා..සුජාත ද කොහෙද නලලට රෙදි කෑල්ලකුත් තියලා..
"ඇයි මේ ආන්ටි"
"චූටි බේබිට හොදටම උණ බේබි..වෙනදා උදේ කිරි එක බොන්න එන්න පරක්කු වුනොත් මම උඩට අරන් එනවනේ..අදත් එහෙම ඇවිත් දොරට තට්ටු කරාට බේබි දොර ඇරියේ නෑ..වෙලාවට ලොක් කරලා තිබ්බේ නැති හින්දා මම ඇතුලට එද්දී චූටි බේබිව වෙව්ලනවා බේබි..මට කරන්න දෙයක් නැතිකමට මම මැඩම්ට කෝල් කරා..ආන්සර් කරේ නෑ බේබි..අනේ අපි මොකද කරන්නේ බේබි"
"අංකල්ට කෝල් කරේ නැද්ද"
"කරා..සර් ආන්සර් කරෙත් නෑ..මම දන්න එකම බෙහෙත පෙන්ඩොල් විතරයිනේ..චූටි බේබිට එහෙම දෙන්න හරි ඇහැරුවට බේබි නැගිටින්නේ නෑනේ..බැරිම තැන තමා මම ඕඩිකොලෝන් දාලා රෙදි කෑල්ලක් තිබ්බේ..අද ලාලුත් නෑ බේබි..ලොකු සර් එක්ක ගියා උදේම.."
<< තෙනුශ්ක pov >>
"ෆැමිලි ඩොක්ටර්ට කතාකරෙ නැද්ද" මම සුජාතගෙන් ඇහුවේ තාම කොල්ල ගැහෙනවා කියලා මට ඇද අයිනේ ඉන්න මට හොදටම පේන හින්දා..උබට අමාරුද වස්තුව..
"නෑ බේබි..මම නම්බර් දන්නේ නෑ..මම මොනව ද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉද්දී දෙයියෝ බලලා වගේ බේබි ආවේ..අපි චූටි බේබිව ලෑස්තිකරන් යන් ද දොස්තර මහත්තයෙක්ට පෙන්නන්න.."
"නෑ ආන්ටි..දැන් අවීන්ව මහන්සි කරවන්න බෑ..මම ඩොක්ටර් කෙනෙක්ව ගෙන්න ගන්නම්..මෙහෙ ෆැමිලි ඩොක්ටර්ම තමා අපේ ඩොක්ටරුත්..මම එයාව ගෙන්නගන්නම්"
එහෙම කියලා දඩිබිඩි ගාලා මම ඩොක්ටර් දිසානායකට කෝල් කරා..
"හායි අංකල්..I am තෙනුශ්ක සමරසිංහ"
YOU ARE READING
AmorE
Non-Fictionඉස්කෝලේ යන කොල්ලො දෙන්නෙක්ගේ වැඩ ගැන ලියවෙන හරි ලස්සන කතාවක්..ආදරය,තරහව,දඩබ්බරකම,මුරණ්ඩුව මතුවුන ලස්සන තරුණ කොලු ගැටව් දෙන්නෙක්... එන්න...කියවලාම බලමු....