තෙනුශ්කට වචනත් ගොතගැහුනා.එහෙම්ම ට්රවල් එක ආයේ රැක් එක දිහාට විසිකරලා තෙනුශ්කට කෙලින්ම අවීන් ගාවට ආවා. අවීන් කිසිම වෙනසක් කරන්නේ නැතුව තෙනුශ්ක දිහා කලින් හිටියා වගේම ඇදේ ඉදගෙන බලන් හිටියා.
"මො-මොකක් ද සුදූ උබ ඒ අහපු කතාවේ තේරුම"
"මම අහන්න ඕනේ දේ කෙලින්ම ඇහුවේ උබෙන්. ප්ලීස් බන් උබ ජෝක් එකක් නම් මේ කරන්නේ වදින්නම් උබට මේක මෙතනින් නවත්තපන්. තව ඉස්සරහ්----ආහ්හ්හ්"
අවීන් කිය කිය හිටපු එක ඉවර කරගන්න වුනේ නැත්තේ සේරටම කලින් කේන්තිය ඉස්සර වුන තෙනුශ්කගේ අත අවීන්ගේ කම්මුලක නතර වෙද්දී. ඒ ගහපු පාරේ සැරට ද මන්දා ඇදේ ඉදගෙන හිටපු අවීන් එහෙමම ඇද උඩට වැටුනා. අවීන් මොකක් ද ඒ වුනේ කියලත් හිතාගන්න බැරුව එයාගේ එක අතකින් දනවා වගේ දැනුන කම්මුල තද කරගෙන ඔලුව මෙට්ටේට තද කරන් ඇස් වලින් එලියට එන්න දගලන උනු වතුර වගේ දේකට එලියට එන්න නොදී තියාගන්න මාර ගේමක් දුන්නා.
"ඈ හු$කන්නෝ මොකක් ද තෝ ඒ කියන කැ$රි කතාව..තොට මම ආදරෙයි ඕයි. සිරාවටම. එදා ඉදන් තෝ එක්ක හැම හු$ත්තම බෙදාගත්තු උබ ද බන් මට මෙහෙම කියන්නේ. ආආආ.. තෝ වෙනුවෙන් මගේ පන ටික හරි දෙන්න හිතන් ඉන්න මගෙන් ද බන් උබ ඔය හු$කන කතා අහන්නේ. ආ අවීන් කතාකරපිය යකෝ..තෝ මගෙන්ද ඔය අහන්නේ උබට ජෝක් එකක් කරා ද කියලා. ඈ හු$ත්තෝ.. කතාකරපිය මාව පිස්සෙක් නොකර"
තෙනුශ්කගේ කේන්තිය සාමාන්යෙන් ඉක්මනට නිවන්න පුලුවන් එකකුත් නෙමෙයි. අනිත් එක ඒ කේන්තිය නිවන්න පුලුවන් එකම කෙනාම තෙනුශ්කගේ කේන්තිය අවුස්ස්ලා තියෙද්දී කවුද ඉතින් මේ වෙලාවේ තෙනුශ්කව නිමන්නේ..
තෙනුශ්ක හිතේ තිබ්බ කේන්තියට ඇදේ බාගෙට ගුලි වෙලා මෙට්ටේට ඔලුව තදකරන් ඉන්න අවීන්ගේ අතකින් ඇදලා තෙනුශ්ක දිහාට ගත්තා. කොහොමත් ඒ වැදුන පාර සැරයි කියලා තෙනුශ්කට හොදට දැනුනා. හිතට ආපු කේන්තියට අත ඉස්සර වුනා මිසක් තෙනුශ්කට ජීවිතේට ඕනේ වුනේ නෑ අවීන්ට නියපොත්ත්කින්වත් සීරීමක් වෙනවා දකින්න එයාගෙන් තියා කාගෙන්වත්.."සුදූ අනේ දෙයියෝ මෙහේ බලපන්කෝ. අනේ මට සමාවෙයන්කෝ. උබට රිදුන ද මගේ කොල්ලෝ "
තෙනුශ්ක අවීන්ව ඇදලා අරන් තිබ්බේ අවීන් කම්මුලට තද කරන් හිටපු අතෙන් වෙද්දී ඒ එක්කම අවීන්ගෙ කම්මුල දැක්ක තෙනුශ්කට එයා කේන්ති අරන් කරපු දෙයින් රිදිලා තිබ්බේ එයාගේ පොඩි එකාටමයි කියලා තේරුනා. අවීන්ගේ අර සුදූ පාට මූනේ එක කම්මුලක් රතු වෙලා තිබ්බ මදිවට දැනටම තෙනුශ්කගේ ඇගිලි පාරවල් 2ක් විතරත් පේන්න අරන්..
YOU ARE READING
AmorE
Non-Fictionඉස්කෝලේ යන කොල්ලො දෙන්නෙක්ගේ වැඩ ගැන ලියවෙන හරි ලස්සන කතාවක්..ආදරය,තරහව,දඩබ්බරකම,මුරණ්ඩුව මතුවුන ලස්සන තරුණ කොලු ගැටව් දෙන්නෙක්... එන්න...කියවලාම බලමු....