"මොනව ද තව ඕනේ.. කැපචිනෝ එකක් ඕඩර් කරන්න ද"
අවීන් කරේ එයාලා දෙන්න ඉදන් ඉන්න ටේබ්ල් එකෙන් එහාපැත්තේ තියෙන වීදුරුවෙන් එලිය බලන් ඉන්න ගමන්ම එපා කියන්න ඔලුව දෙපැත්තට වනන එක විතරයි.
"චීස් කේක් කෑල්ලක් ???"
"එපා දැන්. තව ටිකෙන්"
දෙන්න දැන් මෙතනට ඇවිතුත් පැයකට කිට්ටුයි. තෙනුශ්ක අවීන්ලගේ ගෙදර එද්දිත් අවීන් ශෝටක් දාගෙන බැගී ටීශර්ට් එකකුත් ඇදන් ලෑස්ති වෙලා හිටියෙ. තෙනුශ්ක ආයේ කාර් එකෙන් බහින්නත් කලින්ම දුවන් ඇවිත් පැසෙන්ජර් ශීට් එකෙන් වාඩිවුන වුන අවීන් තෙනුශ්කගේ බෙල්ලෙන් එයාගේ තොල් තදකරලා හරිබරි ගැහිලා ඉදගත්තේ 'හරි දැන් යන්' කියලා තෙනුශ්කට නොකියා කියන ගමන්.
ඉතින් තෙනුශ්ක කාලෙකට කලින් නිදහසේ ඉන්න පුලුවන් ප්ලේස් එකක් කියලා හොයන් තිබ්බ මේ බීච් සයිඩ් කැෆේ එකට අවීන්ව එක්කන් ආවේ කොහොමත් දෙන්නට නිදහසේ ඉන්න කියලා හිතන්."සුදූ.."
"ම්හ්හ්හ්"
"මොනව ද දැන් මයේ කොල්ලගේ හිත රිදෙන්න වුනේ"
"විශේශ කියලා දෙයක් නෑ බන්."
"කියන්න කිසිම දෙයක් නැද්ද දැන් උබට"
අවීන් මෙච්චර වෙලා එලිය බලන් හිටපු මූන හැරෙව්වා තෙනුශ්ක දිහාට. දෙන්න ආවත් හරි තෙනුශ්ක අවීන් අතර වචන හුවමාරු වෙන්න ඇත්තේ 20කටත් අඩුවෙන්.
"තියෙනවා. මට ගලපගන්න බැරුව ඉන්නේ"
"සුදූ වැඩිය හිතන්න එපා. සේරම හරිගස්ස ගම්මු. මම ඉන්නවනේ උබත් එක්ක"
"හ්ම්ම්ම්" ආයේ අවීන් එලිය බලන්. තෙනුශ්ක පුටුවෙන් නැගිටලා කැශියර් එක ගාවට ගිහින් ආයේ කැපචිනෝ 2කට ඕඩර් එකක් දාලා ආවේ කොහොමත් තව සෑහෙන වෙලාවක් දෙන්නට මෙහෙම ඉන්න වෙනවා කියලා දැනුන හින්දා.
තෙනුශ්ක ආයේ ඇවිත් වාඩිවෙද්දිම වගේ අවීන් තෙනුශ්ක දිහා බැලුවා.
"උබට නිකමට හිතෙන්නේ නැද්ද මේ වෙන දේවල් වල මොකක් හරි අවුලක් තියෙනවා කියලා"
"මොන දේවල් වලද ??"
"නෑ මම කියන්නේ නිකන් මේ අම්මි හදිස්සියේ යන එක ගැන වගේ"
YOU ARE READING
AmorE
Non-Fictionඉස්කෝලේ යන කොල්ලො දෙන්නෙක්ගේ වැඩ ගැන ලියවෙන හරි ලස්සන කතාවක්..ආදරය,තරහව,දඩබ්බරකම,මුරණ්ඩුව මතුවුන ලස්සන තරුණ කොලු ගැටව් දෙන්නෙක්... එන්න...කියවලාම බලමු....