තිස් දෙවන කොටස

566 100 129
                                    

කමෙන්ට් ගෝල් 50

විශුද් ආරුල්ට තමන්ගෙ දකුණත දිගු කරලා පෙන්වනකකොට ආරුල් විශුද් පෙන්නුව ඉසව්ව දිහා බැලුවා. ආරුල් ඒ වෙනකොට හිටියෙ තරහෙන් පුපුර පුපුර. මන්දාර ශිකරයක් ගැන පම්පෝරි ගහලා ගහලා විශුද් කැරකිලා කැරකිලා ආරුල්ව ඇදගෙන ආවේ නකල්ස් කඳු වැටියක් තියන දිහාට නිසා ආරුල්ට දැණුනෙ තරහක්. ආරුල් අහලා තිබුණු විදියට නකල්ස් කඳු වැටිය ලංකාවේ භූගෝලිය මධ්‍යය අසලින් තිබුනත් ඒ ලංකාවේ හරි මැද නොවුනා. ඉතින් නකල්ස් කඳු වැටිය මන්දාර ශිඛරය වෙන්නෙ කොහොමද?

" මේ කඳු වැටියෙන් ඔබ්බට දකින්න ආරුල්. ඔබට සැබෑ ගෝත්‍රිකයෙකුගේ රුධිරය තිබෙනවා නම් ඔබ දකීවි. සාමාන්‍ය ඇට මස් ලේ නහරින් තැනුනු මිනිස් නේත්‍ර යුවලින් ඔබ්බට , ඔබේ ආත්මීය නේත්‍රය විවර කරන්න. ඔබේ  ගෝත්‍රීය ආත්මය අවධි කරන්න... සැමදා තිබුණු මුත් කිසිදා නොපෙනුනු , දීපයේ බල කේන්ද්‍රය ~ පංච මහා ශිකරයන්ගෙනුත් , උප ශිකරයන්ගෙනුත් ලැබෙන ආරක්ෂාව මැද ඔබ දකී...... "

විශුද් කියනකොට ආරුල්ගෙ කට පැත්තකට ගියා.


"මොන සමස්ථලංකා ඒසකමක්ද? උඹේ කට දිව උළුක්කු වෙන , අක්මාව දහ අට වංගු වෙන තේරවිලි මට තේරෙන්නෑ. කියන මගුලක්....... ටිකක් ඉඳපන් අර මොකක්ද?"

ආරුල් විශුද්ට හොඳ පදෙන් දෙසා බාන්න ලෑස්ති වෙනකොට ආරුල් දැක්කෙ විශුද් කීව විදියටම නකල්ස් කඳු වැටියට පිටිපස්සෙන් අහස සිප ගන්න තරම් උස්ව නැගී සිටින විශාල ශිකරයක්. ආරුල්ට සීයට ලක්ෂවාරයක් විශ්වාස උනා මීට කලින් එහෙම එකක් එතන තිබුණෙ නැහැ කියලා.  විශුද් කියපු වචනවල තේරුම කෙමෙන් කෙමෙන් වැටහෙනකොට , නකල්ස් කඳු වැටිය ගැන ආරුල් අහලා තිබුණු ඕප දූප මතක් කරන ගමන් ආරුල් ඈතින් පේන මහා තේජසකින් අහස අල්ලන , රත්තරනට හුරු ශ්වේද වර්ණයෙන් දිලිසෙන ශිඛරය දිහා බලාගෙන හිටියා.

' පංච මහා ශිඛර කියන්නෙ නකල්ස් කඳු පන්තියට අයිති ප්‍රධාන කඳු පහ වෙන්න ඕනෙ , නකල්ස් , කොබෝනීලගල, කිරිගල්පොත්ත , දෝතුලුගල , ගොම්බානිය... හරි බුවා කීව උප ශිකර ඔය වටේ තියන අනිත් ඒවා. ඒ කඳුවලින් ආරක්ෂා වෙලා ඊට පිටිපස්සෙන් මන්දාර ශිඛරය නැගී සිටිනවා. එතොකට ඒක සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නෙ නැහැ? එහෙමනේ...? යසයි. අපේ ශිෂ්‍යත්ව පන්තියේ ටීචර් තෝ නම් මිනිහෙක් නෙවෙ කියලා මට බැනලා තියෙන්නෙ කට කහනවාට  නෙවෙයි වගේ '

පුනරාගමනWhere stories live. Discover now