පස්වන කොටස

1K 216 143
                                    

කමෙන්ට් ගෝල් 50

ආරුල් දැක්කෙ මරුමුස් අයිතිකාර මුදලාලිගෙ අත අල්ලගෙන ඉන්න විශුද්. තමන්ට පුලුවන් උපරිමේටම රවාන මුදලාලි දිහා බලාගෙන ඉන්න විශුද් දිහා පුදුමෙන් බලපු මුදලාලි අත විශුද්ගෙන් ඇදලා ගන්න උත්සාහ කලත් මුදලාලිට දැණුනෙ තමන්ගෙ අත යකඩ අඬුවකට අහු වෙලා වගේ. ආයෙම වතාවක් ඇදලා ගන්න තැනුවත් කොයි වෙලාවක වත් තමන්ගෙ අත විශුද්ගෙ ග්‍රහණයෙන් ඇද ගන්න මුදලාලිට බැරි උනා.

විශුද් තමන්ව බේරා ගත්ත බව තේරුන ආරුල් , වීරයා ගානට මේසෙ උඩ හරි බරි ගැහිලා මුදලාලිට දත් තිස් දෙකම දාලා විජයග්‍රාහී විරිත්තීමක් පෑවා.

"ඇද්ද තොට අන්තර්මෝසම් පලස්තීන පොල් කාවයියා. ආවා මෙතන කුමාරයාට අත තියන්න"

ආරුල් කොන්ඩෙ හදලා කියනකොට ඒ එක්කම ෂොප් එකෙ දොර ඇරෙන සද්දෙට උන්නු ඔක්කොම ඒ දිහාව බැලුවා. ආරුල් දැක්කෙ සහිල් ප්‍රමුඛ කරගෙන තමන්ගෙ තාත්තා සහ සහිල්ගෙ තාත්තා කඩේ ඇතුලට පාත් වෙනවා. ආරුල් ඒ දිහා බලලා විරුත්තුවාම තාත්තාගෙ ඇස් යොමු උනේ අයිතිකාර මුදලාලී , ඒකට රවාන පුපුර පුපුර ඉන්න විශුද් දිහාට

"කිව්ව තැන නැති උනාම හිතුනා මේක අස්සෙ ඇති කියලා. ඒ පාර මොකක්ද තමුසෙ කර ගත්තෙ"

තාත්තා පුපුර පුපුර ඇවිල්ලා කොච්චි කරල ගානට මූණ පුප්පගෙන බලාන ඉන්න මුදලාලි දිහාත් ආරුල් දිහාත් , මුදලාලිගෙ අත තාමත් වලක්වගෙන අල්ලන් ඉන්න විශුද් සහ තමන්ගෙ අත මුදවා ගන්න තනන මුදලාලි අතර තියන යුද්ධෙ දිහාත් බලාගෙන කතා කරනකොට ආරුල් විශුද්ගෙයි , මුදලාලිගෙයි අත් අස්සෙන් රිංගලා තාත්තා ගාවට ගියේ හිනා වෙවී. ආරුල් එතැනින් ඈතට ගිය විත්තිය තේරුනාම විශුද් මූණෙ තියන රැව්ම වෙනස් නොකරම මුදලාලිගෙ අත අත ඇරියාම ඒකා රතු වෙලා තිවුන අත දිහා ඇස් ලොකු කරගෙන බැලුවා.

එච්චර ඇඟ පතක් නොතිබිච්ච මේ කොල්ලට මෙච්චර ශක්තියක් කොහෙන් පාත් උනාද කියලා ඒකාට හිතා ගන්න බැරි උනාම ඒකා රවාගෙන කතා කරන්න පටන් ගත්තා.

"මහත්තයා , ඔයාගෙ පුතා ආයම හොරා කෑවා!!"

මුදලාලි ආරුල්ට රවන ගමන් කියනකොට ආරුල් පපුවට අත් දෙක බැඳගෙන ඒකා දිහා රවාන බැලුවා.

පුනරාගමනWhere stories live. Discover now