සත් වන කොටස

987 184 114
                                    

කමෙන්ට් ගෝල් 50

ආරුල් පැය දෙක තුනක් වාද කලායින් පස්සෙ තමන්ගෙ කාමරේ නිදා ගන්න අවසර හොයා ගත්තා. තාත්තා ආව වෙලාවේ ඉඳන් මේකාව තාත්තා එක්ක තියා ගෙන විශුද්ට ආරුල්ගෙ කාමරේ දෙන්න හැදුවේ විශුද් මොකෙක්ද කියලා දන්නෙ නැති නිසා. අනික් අතට විශුද් තමන්ගෙ කාමරේට දාලා තමන්ට ආරුල්ගෙ කාමරේට යන්නත් තාත්තාට ක්‍රමයක් තිබුනෙ නැත්තෙ ඒ කාමරේ සල්ලි පෙට්ටගෙම තිබුනු නිසා. ගෙදර තිවුනෙත්  කාමර දෙකයි.  කියන දෙයක් අහන්නෙත් නෑ. දැන් නම් ආරුල් හිරේ වැටුනත් කමක් නෑ කියලා හිතෙන තරමට තාත්තාට තරහ ගිහින් හිටියේ.

"හරි ඕනෙ එකක් කර ගන්නවා.ඌ රෑට තමුසෙට කොටලා මරලා ගියොත් නිකන් ඉන්නවා.. දොර ඇරගෙන නිදා ගන්නවා නිදා ගන්නකොට"

තාත්තා ආරුල්ගෙ ඇගට කඩාගෙන පනිනකොට ආරුල් පුප්පගෙන ගස්සගෙන කාමරේට යනකොට විශුද් ඇඳ උඩ පිජාමා එකක් ඇඳගෙන භාවනායෝගී ඉරියව්වකින් වාඩි වෙලා ඉන්නවා දැකලා ආරුල්ට හිනාවක් පැන්නා. දිග කොන්ඩෙත් එක්කලා , ශාන්ත ඉරියව් එක්ක , සෘදිවරයෙක්ට පිජාමක් ඇන්දෙව්වා වගෙ පෙනුමක් විශුද්ගෙ තිබුනෙ.කොහොම නමුත් ඒ දර්ශනය ආරුල් ජීවිතේට දැකපු විකාරම දර්ශනය උනා.

"අප්පට ටිංකිරි , ආච්චිට එළ කිරි , නැන්දට පිටි කිරි කීවලු. මූ නිදාගන්න කලින් භාවනාත් කරනවාද?? අර පොඩි කාලෙ දහම්පාසල් පොතෙ තිබුනෙ භාවනාකලාම ලැබෙන ප්‍රථිපල කියලා.. මුහුණ ලස්සන වේ , අන්‍යන්ට ප්‍රිය වේ කියලා.. කෝ මේකාගෙ මොකක්වත් නෑනේ. ආකාසට්ඨාච බුම්මට්ටා වගේ ආව වෙලේ ඉඳන් පුප්පගෙන"

ආරුල් ඇඳෙ ඉඳ ගන්න ගමන් විශුද්ගෙ මූණට එබුනා. හුස්ම පොදක් වැටෙන්නවත් නැති ගානට ශාන්තව ධාන්‍යයකට සම වැදිලා උන්නු විශුද්ගෙ නහයට ආරුල් ඇන්නාම විශුද්ගෙ ධාන්‍යය කැඩුනා. මූණට ආලවක යකා වගෙ විරිත්තගෙන එබිලා බලාන උන්නු ආරුල් දැක්කා විතරයි විශුද් ගැස්සිලා පස්සට පනිනකොට ආරුල්ට හිනා ගියා.

"අඩෝ බොක්ක බය උනාද? සොරි වෙන්න ඕනෙ බොසා"

"කුමන අන්දමේ නැහැදිච්ච කමක්ද මේ?"

විශුද් තරහෙන් කියනකොට ආරුල් විශුද් දිහා බැලුවා. ඇහිබැමි දෙකත් පටලවගෙන වීරාසනයෙන් බැහැලා පස්ස ඇඳෙ ඇනගෙන උන්නු විශුද් දැක්කාම ආරුල්ට හිනා යන එක නතර කර ගන්න බැරි උනා.

පුනරාගමනWhere stories live. Discover now