පහලොස් වන කොටස

806 143 131
                                    

කමෙන්ට් ගෝල් 50

" රන් අරුණැල්ලේ පීදෙන
බේරෙ වැවේ නුඹ හිඳිනා
නිල් පවනැල්ලේ රැලි
නගන වැවේ නුඹ නෑවා..... "

"ඒ උනාට බං ඔහොම කියන්න එපා. අපි මෙහෙම හරි ජිවත් වෙන්නෙ මහින්ද මාත්තයා රට බේරා ගත්ත නිසා"

ආරුල් යටි ගිරිහෙන් ගීතය ගයනකොට සහිල් අර්ථ රසය වගේම ශබ්ද රසයත් කාලා දැම්මා. ආරුල් , සහිල් , මදි පාඩුවට විශුද් එක්කලා චාර්වී සහ චාර්වීගෙ අම්මයි තාත්තායි මාමයි වෑන් එකක් කතා කරගෙන යන ගමන් හිටියෙ මහ නුවර. චාර්වීගෙ තාත්තාට හදිස්සියේම ආගමික හැඟීම් පහල වෙලා තිවුනු නිසා නුවර ගිහින් දවසක් නතර වෙලා පහුවදා ඇවිදලා කරලා එන්න සැලසුම් කරලා තිබුනෙ හදිස්සියේම. චාර්වී මාමාත් එන නිසා , කොලඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්යවරයෙක් වෙච්චි මාමා තමන්ට ඒලෙවල් කරන්න කියලා බල කරන නිසා වගේම වෙනත් උපදෙස් වලින් කන් දෙක පුරෝන නිසා  තනියම ගමනට සහභාගි වෙන්න කැමත්තක් තිබුනෙ නැහැ. චාර්විගෙ උවමනාව තිබුනෙ රස්සාවක් කරන ගමන් පෞද්ගලික විශ්වවිද්‍යාලකට යන්න සහ චාර්වී දෙමාපියන්ගෙ අවසරය ඇතිව ඒක කරනවා. ඒත් චාර්වීගෙ මාමා ට ඒවා දැක්කම කහනවා වගේ දැනෙන නිසා චාර්වීට මහාචාර්ය මාමා ගැන තිබ්බෙ තරහක්.

කොහොම උනත් චාර්වීගෙ සැලසුම උන තමන්ගෙ යාලුවො දෙන්නව ගෙන්නගෙන මාමාව නිශ්ශබ්ද කරලා තියා ගන්න. මදි පාඩුවට විශුදුත් ගමනට ආරුල්ගෙ බල කිරිල්ල මත  තාත්තා ව එකඟ කරගෙන ආරුල් සහභාගී කරගෙන තිබුණු නිසා , වාහනේ ඇතුළෙ ලොකු භීෂණයක් තිබුනා. ඒක නිසා වාර්වී බලාපොරොත්තු උනාටත් වඩා හොඳට මාමාගෙ කටට අගුල් වැටිලා. (වාසනාවකට මාමා විශුද් ඒ නොහොබිනා කණ්ඩායමට එකතු වෙන්න මුල් වෙච්චි හේතුව දැනගෙන උන්නෙ නැහැ)

කොහොමද වෙතත් විශුද්ට තාත්තා ගමන් යන්න අවසර දුන්නෙ දහසක් අවවාද දීලා පොලිසියෙනුත් අවසර ගත්තායින් පස්සෙ. වාර්වීගෙ අම්මලාවත් දැනුවත් කරන්න තාත්තා අමතක කලෙ නෑ... ඒත් අම්මාලා ඒ වගක් මහචාර්ය මාමාට නොකීව නිසා විශුද්ට මහචාර්ය මාමාගෙන් ලකුණු වැටිලා තිබුනෙ.

"මදක්.... මදක් පසෙකට වී සිටින්න. ස්පර්ශය මා හට නැහැ ප්‍රිය"

ආරුල් විශුද්ගෙ කරට අත දා ගන්නකොට විශුද් කියනකොට ආරුල්ගෙ මූණෙ තරහක් ඇඳෙනා. මූණ පුලුටු කර ගත්ත ආරුල් ගස්සලා ශීට් එකෙ අනිත් පැත්තට ලෙස්සලා ගියා. පිටිපස්සෙම ශීට් එකෙ ඉඳගෙන හිටපු ආරුලුයි විශුදුයි දිහා බලලා ඉස්සරහ ශීට් එකෙ උන්නු චාර්වී සහිලුයි නක්කලේට හිනා උනෙ මුන් දෙන්නා නාකි ජෝඩුව වගෙ ආයෙම මරා ගන්න පටන් ගත්ත නිසා.

පුනරාගමනWhere stories live. Discover now