පනස් හතර වන කොටස

186 66 67
                                    

කමෙන්ට් ගෝල් 50

"නිතඹ සලා හිතලා ඉගිපා මා වසඟ කරපු"

"ආරුල්"

"දා ඉඳලා ඔබ මා නෙතු සොයන අයුරු"

"ආරුල්!"

"ලා රතු මේ තොල ආසද හපලා බලමු"

"ආරුල්!!"

"මා ලඟ පා දඟ රහසෙම උකුළු මුකුළු"

"කුමන අන්දමේ නැහැදිච්ච ගීතයක්ද එය!! ඔබ නම් නෑ කිසිදිනෙක වෙනස් වනුයේ ආරුල්"

ආරුල් හිටියෙ මදිරා ටිකක් තොල ගාලා විශුද්ටත් බොන්න කියලා බල කරන ගමන්. මකර රජු සමනල්ලු අල්ලන දිහා බලාගෙන හිටියොත් ඔවුන් දෙන්නාට වෙන්නේ රෝස් කරපු ගෝත්‍රිකයෙක් වෙන්න කියලා තේරුනා ම ආරුල් සහ විශුද් දෙන්නා ආරුල්ගෙ කුටියට නිදහසේ කතාබහේ යෙදෙන්න කියලා ආවේ. කොහොම උනත් ආ හැටියේම ආරුල් තියාගෙන හිටපු විශාල මදිරා කලයක් අරගෙන ආරුල් ඔහුත් බීලා විශුද්ටත් පොවන්න ලෑස්ති උනත් විශුද් නෙවේ බීමත් වෙන්න ප්‍රිය කලේ. මදිරා පුරෝපු මැදපු පොල් කට්ට විශුද්ට ලං කරන ගමන් ආරුල් විශුද්ගෙ බෙල්ලෙ එල්ලිලා විශුද්ගෙ කටට මදිරා දාන්න උත්සාහ කරන ගමන් සින්දු කියනකොට විශුද් ආරුල්ගෙන් ගැලවෙන්න උත්සාහ කරන ගමන් ඔහුගෙ නැහැදිච්ච ගීත වලට තමන්ගෙ විරෝධය පෑවා.

"හිත මත්වෙලා ටිකිරි ලියා
නුඹ මත්තෙම නහින්න නිසා..."

"කිමද ඔබ මා හට දිගින් දිගටම ස්ත්‍රියන්ගේ නාම පවසනුයේ බාලකය. මා රාජ කු..."

කොහොම උනත් විශුද්ට තමන්ගෙ පුරුෂ භාවය ආරුල්ට ඔප්පු කරන්න ඔහුට අවස්ථාවක් නැති උනෙ නැත්තෙ ආරුල් විශුද්ගෙ කට මිරිකලා උක් දඬු පැහැවපු මදිරා විශුද්ගෙ කටට හලනකොට. විශුද් ගෙ මූණ ඇඹුල් වෙනකොට ආරුල් පොවපු වේගයට ඔහුට මදිරා ටික ගිලුනාම ඔහු මදිරා ආමාශ ගත වෙලා තප්පර කීපයක් යන්නත් කලින් වැනෙන්න ගත්තා.

"කු- කුමක්ද? මන්ද මා අප්‍රිය දේම......."

"උඹට තේරෙන්නැද්ද ඕයි විශුවෝ , දැන් ප්‍රජාතන්ත්‍රවාදී කම පජාත වෙලා බල්ලට ගිහින් තියෙන්න. එයා මෙයා අරයා මොනවා කීවත් ඔයානෙ මගෙ රන් කඳ හැමදාමත්"

You've reached the end of published parts.

⏰ Last updated: 14 hours ago ⏰

Add this story to your Library to get notified about new parts!

පුනරාගමනWhere stories live. Discover now