තෙවන කොටස

1.2K 211 216
                                    

කමෙන්ට් ගෝල් 50

"මම දන්නෑ. මම දන්නෑ ඒකා කොයි ලෝකෙ ඉඳන් එතනට පාත් උනාද කියලා.  එතන මොකෙක්වත් හිටියෙ නෑ මුලින්ම. වම බලලා දකුණ බලද්දී මෙන්න බුවා පාර මැද හරහට පැන්නා. මමද වැරදි බුවා හරකා වගේ පාර පැන්නට. ඇරත් දැන් කාලෙ හරක් උනත් පාර පනින්නෙ කහ ඉරෙන්. මේකා වංගුවකින්ම පාර පැන්නා මගේ තාත්තේ....."

විශුද් බර වෙච්චි ඇස් අරිනකොට ඒකාගෙ කනට ඇහුනෙ ඝණ්ඨාරයක් ගහන්නා වගේ විලාපයක්. ඔලුවට බර ගතියක් දැනෙනකොට ඇස් කඩාගෙන යන ආලෝක ධාරාවක් විශුද්ගෙ ඇස් වලට වැටුනා. බර උන ඇහි පිහාටු දරාගෙන විශුද් ඇස් දෙක අමාරුවෙන් ඇර ගන්න ගමන් තමන්ගෙ අඩපණ වෙච්චි සුරතෙ අතැගිලි දිග ඇරියේ  ' සුක්ලාක්ෂි ' නම් උන තමන්ගෙ අසිපත කැඳවන්න හිතාන. ඒත් ඒ ගමනම තමන්ගෙ ඇස් දෙකට එබුනු තද කලු පාට ඇස් දෙක දැක්ක විශුද් ගැස්සිලා ගියා.

"අහ්...."

"මෙන්න බුවාට සිහිය ඇවිල්ලා. එළ කොල්ලෙක්නෙ. මම හිතුවේ උඹ දිවංගත මම හිරගත කියලා"

මූණට එබුනු ජීවියා , එහෙමත් නැත්තම් ආරුල් , විශුද්ගෙ උරහිසට දෙකක් ගැහුවම අත පය පණ නැතිව උන්නු විශුද්ට සක්‍රයා සිහි උනා.



"අඩේ බොසා. ඔහොම ඇස් ඇරගෙන අල්ලගෙන ඉඳින් හොඳේ.. මම හිතුවෙ මම මිනියක් මැරුවා කියලා. බය උන බය විල්ලට මට ගොක්කොළත් පෙනුනා මහ දවල් හිටන්..."

ඒකා එක දිගට කියාගෙන කියාගෙන යනකොට මොකක්ද වෙන්නෙ කියලා හිතා ගන්න බැරුව විශුද් ආරුල් දිහා රවාන බලාගෙන උන්නා. විශුද් ජීවිතේටම දැක්ක විකාරම පෙනුම ආරුල්ට තිවුනෙ. යස අගේට වවන්න පුලුවන් කොන්ඩේ කොන්ඩ කුරුල්ලෙක් ගානට උඩට පීරලා කොට කොරලා , අත් කොට මොකක්දො විලිසංගයක් නැති ඇඳුමකට , යට ඇඳුමක් වගේ තව මොකක්දො ජවුසමක් යටට ඇඳගෙන උන්නු මේ ජීවියා බාගෙට බාගයක් නිරුවතින් කියලා විශුද්ට හිතුනා.

විශුද් දැනගෙන උන්නු විදියට පංච මහා කුල වලට අයිති කිසිම එකෙක් මේ විදියට නිළ වස්ත්‍ර දැරුවේ නැහැ. එතකොට මේ වෙන ග්‍රහයෙක්ගෙන් පාත් වෙච්චි එකෙක් වත්ද? අනික මේකා ගාව තිවුන දුම් ගඳට විශුද්ගෙ බඩ දැඟලුවා.



පුනරාගමනWhere stories live. Discover now