දහ තුන් වන කොටස

860 151 131
                                    

කමෙන්ට් ගෝල් 50

වාර්වී එක්කලා සෑහෙන වෙලා කියවා කියවා ඒකාගෙ කාලේ කාලා මදි පාඩුවට විශුද්ගෙ කාලෙත් කාලා දාපු ආරුල් , තාත්තා ට කලින් ගෙදර යන්න කීව නිසා තාත්තා ගෙදර ගියේ ආරුල් ව හදන එක කරන්න අමාරු වැඩක් නෙවෙ කරන්න බැරි වැඩක් බව දන්න නිසා

තාත්තාත් නැති එකෙ චාර්වී එක්කලා කතා කරලා , බේකරියෙ පිලිකන්න පැත්තට ගිහින් වැඩට උන්නු අයියාගෙන් ඉල්ලා ගත්ත සිගරට් එකකින් දුමකුත් ඇද්ද ආරුල් විශුද් එක්කලා බස් එකෙ නැගලා ආයෙම ගෙදර එනකොට , කොලඹ බාගයක්ම පයින් ඇවිද්ද විශුද්ට තරහ ගොහින් තිබ්බෙ. අනිත් අතට පැය ගානක් රස්තියාදුව. විශුද් ආරුල්ගෙ ගෙදර පේන මානෙට ආවට පස්සෙ , දන්න පැත්ත නිසා ඒකා පිඹගෙන ආරුල්ව දාලා ගෙදරට විදගෙන යනකොට ආරුල් බැන බැන පස්සෙන් පැන්නුවා.

" ඉඳකින් අත් ට්‍රැක්ටරයකට රොකට් එංජිමක් සෙට් කලා වගේ. විශුවෝ.... හිටපන් මම එනකම් ඩිංගක් විශුවෝ....."

ආරුල් කෑ ගහ ගහ පාර දිගේ ඇවිදගෙන ඇවිල්ලා වත්ත ඇතුලට රිංගා ගත්තා. ආරුල්ගෙ කෑ ගැහිල්ලට නතර උන විශුද්ගෙ ඇඟට පැන්න ආරුල් ඒකාගෙ කරට අත දා ගෙන බෙල්ලෙ එල්ලුවේ ආරුල්ගෙ මූණ කට රතු වෙනකොට.

"යනවා නම් අනේ මං අරන්
යන තැනකට යන්න රත්තරන්"

ආරුල් විරිත්තලා කියනකොට විශුද් ආරුල්ට රවලා ආරුල්ගෙ අත ගසලා දැම්මා. හැමදාමත් වගෙ ආරුල් ලගින් වහනය වන දුම් ගඳ විශුද්ට ඉවසා ගන්න බැරි උනා. තමන් තව කල්පයක් ආරුල් ගෙ කාමරේ එකට උන්නත් ආරුල් කරන වැඩ දිරවගෙන , ආරුල් ගාවින් එන දුම් ගඳට තමන්ගෙ බඩ දඟලන එක නතර කර ගන්න බැරි විත්තිය විශුද්ට ඉර හඳ වගේ විශ්වාසයි.


"පසෙකට වී සිටිනු. ස්පර්ශ කරනවාට නෑ මා ප්‍රිය!!"

විශුද් ගස්සනගෙන පුප්පගෙන , ගේ ඇතුලට යනකොට ආරුල්ගෙ කට බාගෙට ඇරුනා.


"මූ යකො.. මගෙ අක්මාව අල්ප්‍රප්‍රාණ වෙලා මහා බඩවැල මහප්‍රාණ වෙනවා මූ කියන කතාවට. ගෙයක් නැති නිසා ඉන්න ගෙදරක් දුන්නෙ මූට අපි. දැන් අපි ඉන්නෙ උගෙ ගෙදර"

ආරුල් හිතට ඇති උන කේන්තියටත් එක්කලා විශුද්ට නොහොබිනා කතා කියන ගමන් විශුද්ගෙ පස්සෙන් ගෑටුවේ , ආරුල් කියන මේ සියවසට අයිති පුද්ගලයෙක්ටවත් හරියට නොතේරෙන වචන නොඇසුනා වගේ විශුද් ගේ ඇතුලට දාගෙන උන්නු සපත්තු දෙක ගලවලා ඇතුලට යනකොට. 

පුනරාගමනWhere stories live. Discover now