විසි හතර වන කොටස

678 120 135
                                    

කමෙන්ට් ගෝල් 50

" මේ ඩයස්ගෙ නංගිද?
බුදු අම්මෝ ලස්සන "

විශුද් එක්කලා විශුද්ට මළ වාතයක් වෙන ගමන් කියෝ කියෝ හිටපු ආරුල් ගාවට ආරුල් අඳුනන ගෑනු ළමිස්සියක් ඇවිල්ලා පැද්දි පැද්දී කතා කරලා ආරුල්ව එතැනින් ඇදගෙන යන්න උත්සාහ කරනවා මළ යකා වැහිච්චි රාජකුමාරයා පුපුර පුපුර බලාගෙන හිටියා. හතර අතින් කලුවරත් වැටෙන වෙලාවක සංකර ඇඳුමක් එල්ලා ගත්ත ගෑණු ලමිස්සියක් එක්ක ආරුල් කොහෙවත් යනවා බලන්න උවමනාවක් විශුද්ට තිබුනේ නැහැ.

" බීච් බොන්ෆයර් එකක් තියනවා ආරුල්. එන්න යන්"

කෙල්ලට ආරුල්ව ඇදගෙන යන්න පුලුවන් උනේ අඩි දෙක තුනයි. කෙල්ලයි ආරුලුයි ඉස්සරහට තරහෙන් රතු උන විසාල තාප්පයක් හරස් වෙනකොට කෙල්ල ඒ තාප්පෙට දෙකක් රැව්වා.



"වට්.....? මේ ආරුල් එක්ක ආව එක්කෙනා නේද? ආරුල් එක්ක බොන්ෆයර් එකට යනවා මම. ප්ලීස් එහාට වෙනවාද?"

මූණ රකුසු කරගෙන පුපුරන විශුද්ට කෙල්ල තරහෙන් කියනකොට ආරුල් විශුද් දිහා බලලා මෝඩ පහේ හිනාවක් දැම්මාම විශුද් කෙල්ලගේ අතින් ගලවගෙන ආරුල්ව තමන් ගාවට ඇදලා ගත්තා.

"මේ මොකද කවුද මේ ආරුල්?"

කොහෙන්ද මන්දා පාත් වෙච්චි කෙල්ල ආරුල්ගෙන් ඇහුවෙ පුදුමෙන්. ආරුල් බීච් එකට ඇවිල්ලා කසිප්පු ගහලා ගහලාම කෙල්ල ආරුල්ව අඳුනනවා වෙනකොට මේ වගේ මරාලයක් මීට කලින් පාත් වෙලා තිබුනෙ නැහැ.

"මේ ඇවිල්ලා මගෙ රාජකුමාරයා... රාජකුමාර.... රාජකුමාර විශුද්"

ආරුල් විරිත්තනකොට කෙල්ල උඩ බිම බැලුවා උනාට ආරුල් තමන්ගෙ පූජනීය නාමය හදුන්වා දීමේ අඩු පාඩුවක් විශුද්ට දැනෙන්න ගන්නකොට විශුද් මැද්දෙන් ඇඩ් එකක් එකතු කලෙ කිසි පැකිලීමක් නැතිව.

"අර්ථය පාරිශුද්ධ තැනැත්තා"

කෙල්ලගෙ කට බාගෙට ඇරෙනකොට විශුද් නිර්ලෝභී හිනාවක් එක්කලා කීවම ආරුල් ඒක අනුමත කරන්ඩ වගේ හිනා වෙවී වෙරි මරගාතෙ ඔලුව උඩට පහළට වනන්න ගත්තා. ආරුල් කොච්චර බීලා හිටයත් කෙලින් කටින් උන්නු මේ කොල්ලා බීලා නැතිව ඇති කියලා කෙල්ල හිතාන හිටියත් මේ කොල්ලා කීව මෙලොව උපන් යකෙක් නොකියන විකාර කාරී කතාව දිහා කෙල්ල ටිකක් වෙලා බලාගෙන ඉන්න කොට ආරුල් පාරිශුද්ධ තැනැත්තා ගෙ බෙල්ලෙ එල්ලුනා. ඒ අවස්ථාවේදී කෙල්ලට සීයට දෙසීයක්ම විශ්වාසයි පාරිශුද්ධ තැනැත්තාගෙ කන් දෙක රතු උන වග.

පුනරාගමනWhere stories live. Discover now