විසි දෙවන කොටස

741 132 123
                                    

" ඒ ඕයි. මැණියෝ නම් කිව්වෙ මළ ගිය යක්ෂ පරාණයක් පස්සෙන් එනවා කියලා. මට බයත් හිතෙනවා බොක්ක සහිල්. උණ්ඩුකපුච්ඡෙට හාට් ඇටෑක් එකක් ඇවිල්ලා වගෙ දැනෙන්නෙ බං. මොකද බං කරන්නේ ?"

ආරුල් වක්කඩ කැඩුවා වගේ කියෝගෙන කියෝගෙන යනකොට සහිල් ආරුල් ට රව රවා වාහනේ පැදගෙන ගියා. කාර් එකෙ පැති කණ්ණාඩියේ ආරුල්ට කපපු දෙහි මල්ල එල්ලලා තිබුණු නිසා විදගෙන යන්න බැරිව ඒකා වාහනේ ගෙනිච්චෙ පාරේ අයිනෙන්. ආරුල්ට දිවා රෑ නැතිව මොකෙක්ද යක්ස පරාණයක් පේනවා පේනවා ගාපු නිසා සහිල් යෝජනා කලේ ඒකාව දේවාලෙකට දක්කන්න. මුලින්ම ඒකා ඒකට අකමැති උනත් , ආයෙම වතාවක් මේ මොකක් උරුමයක් ගැන කියවන යකෙක් නිසා බොරුවට ඔලුව අවුල් කර ගන්නෙ මොකද කියලා සහිල් එක්ක පමන්කඩේ පැත්තට වෙන්න තිබ්බ මොකක්දෝ දේවාලෙක මෑණි කෙනෙක්ව හම්බෙන්න ගියා.

ඒ මෑණි කිව්ව මොකක්දො මළ ගිය භූත ආත්මේ කතාව අහලා , ආරුල්ට මහ දවාලෙ යක්කු පෙන්නලා බය කරගෙන ආයෙම සහිල් ගෙදරට වාහනේ පදින්න පටන් ගත්තේ ආරුල්ගෙ කියවිල්ල අහන් ඉන්න ගමන්.

" ඔය මළගිය ප්‍රාණකාරයෝ කියලා ජාතියක් ඉන්නවාද බං. රුපියල් දාහක් කොටා ගත්තා. ඒ අස්සෙ සුරයක් දාන්න පන්දාහක්. මොන සමස්ථලංකා ඒසකමක්ද? යකො ජොබක් නැතිව පන්දාහක් දෙන්න කොලු කාරයෝ හොයන් යන්න වෙයි සහිලයා. එක්කො මම යකා එක්කම ඉන්නවා බං. ඔන්න ඔහේ යන වැල්ලවත්තේ ඇළ හරියෙන් නතර කරපන් මේ රාජාවෝමංගලිකාව විසි කරලා දාන්න."

"හ්ම්"

ආරුල් කියෝගෙන කියෝගෙන යනකොට සහිල් ඉස්පාසුවක් නැතිව හ්ම් ගෑවා. 

 "ඒ බං එක්කො දෙහි ටිකක් අපරාදෙ බං. දෙහි ගෙඩියක් දැන් කීයක්ද? එක්කෝ ඕනෙ ප*කක් කියලා මම මේ මල්ල ගෙදර උස්සන් ගිහින් සම්බෝලයක් හදලා අර බුවාටත් කවලා මාත් කනවා යකාට වෙස් බැඳගෙන සබරගමුව නටන්න කියලා"

ආරුල් ආයෙම ආච්චි වැහිලා වගේ කියෝගෙන කියෝගෙන යනකොට සහිල් ආරුල් දිහා අනුකම්පාවෙන් බැලුවා.

"හිත හයිය කර ගනින්. දෙහි කැපුවනෙ උඹේ දෝස ගිහින් ඇති"

ආරුල් ට කිව්ව සහිල් තව මොනවදෝ කියන්න කට හදාගෙන ලෑස්ති උනත් ආරුල් ඊට කලින් මහ දවාලෙ මළ පෙරේත දිෂ්ටියක් ආරූඪ උනා වගේ යටිගිරියෙන් කෑ ගහනකොට ගැස්සුනු සහිල්ට බ්‍රේක් පෑගුනා.

පුනරාගමනWhere stories live. Discover now