තිස් නව වන කොටස

581 93 78
                                    

කමෙන්ට් ගෝල් 50

" ඔබ දන්නා ස්වල්ප කරුණු මා සම්පූර්ණ කරන්නම් ආරුල්... එදා මහා සංග්‍රාමයේදී ඒ අමන මනුෂ්‍ය රජු අප හට විරුද්ධ වූවා. එදා ඔවුන් ග්‍රාහී ලෝහයෙන් සෑදූ අසිපතෙන් අසුර සේනාවටම පහර දුන්නා. ග්‍රාහී ලෝහය නිස්සාරණය කිරීමට එදා මා මනුෂ්‍යයන්ගේ උපකාර පැතීමයි වරද වූයේ. නමුත් ඒ වරද නිවැරැදි කිරීමට තරම් කාලය වූයේ නැහැ මා සතුව. සතර මහා භූත ධර්මයන්ගෙන් හතරෙන් තුනකම බලය ඔහු අත වූවා. අග්නියේ බලය බල අසිපත හිමි මා මරා ලබා ගැනීමට පෙරයි මා එහි බලය ඔබට පැවරුවේ. මාගේ මුණුබුරු ට!! අවම වශයෙන් අසුර ගෝත්‍රික බල අසිපත වත් සුරක්ෂිත කිරීමයි එදා මාගේ අභිප්‍රාය වූයේ.... "

අසුර රජු කියනකොට ආරුල් බිම ඉඳගෙන අසුර රජුට රවාගෙන බලාගෙන හිටියා. ආරුල්ගෙ කට ලේ රසින් පිරිලා තිබුනා වගේම පොලොවෙන් දැනුන අධික වියලි සීතලට ඇට මස් ලේ නහර වලින් සෑදි නොතිබුනත් , ඔහුගෙ විංඥානික ශරීරය අධික සීතල විසින් විනිවිද යන්නා වගේ. ආරුල් වේදනාව පුරෝගෙන හිනා උනා.

"ඒත් ඇයි මාවම? එදා ඉඳන් හිටපු එකම මුණුබුරා මමම වෙන්න බෑනෙ. ඇයි මාවම . ආ ඇයි මාවම?"

ආරුල් මුමුණන කොට අසුර රජු සිනා උනා.


"ඔබ වටහා ගනීවි ආරුල්. ඉක්මනින්ම. පලමුව ඔබ දේහාන්වි ප්‍රාන්තයට යා යුතුයි. එහි මුල් හිමිකරුවන් වූයේ දේව ගෝත්‍රිකයන් වුවත් පසුව එය අසුරයන් වූ අප විසින් අත්පත් කොට ගත්තා. එහි ගොස් මගද් නම් අසුර ගෝත්‍රික ගුරුවරයා මුන ගැසෙන්න.... අසුරයන් ගෙන් පිරුණු කුඩා ගම් පියසක් තුල ඔබය ඔහුව හමු වේවි"

අසුර රජු කියනකොට ආරුල් අසුර රජුට රවන ගමන් අතේ තිබුණු කඩුවට වාරු වෙලා නැගිට්ටා


"මට බෑ ඔය රාජාවෝමංගලිකාවේ යන්න. මොන සමස්ථලංකා ඒසකමක්ද? අනික ඕක කොහෙද තියෙන්නෙ?"

ආරුල් ඇහුවේ හිටපු අසුර රජුට ඔරවගෙන. අසුර රජු ආරුල්ට මද සිනාවකින් සංග්‍රහ කලත් ආරුල්ට විශ්වාසය උනා රජතුමා හිටියෙ ආරුල්ට උරුමය පවරපු එක ගැන පසුතැවිලි වෙන ගමන් කියලා. ඔහුගෙ මූණෙ තිබ්බ පෙනුම දැක්කාම , කරන්න පුලුවන් නසරාණි වැඩ සියල්ල කරලා මිනිස්සුන්ට වදයක් වෙලා පුරුදු ආරුල්ට ඒ මූණට ඇවිල්ලා තියන පෙනුම අඳුනා ගන්න එච්චර අමාරු උනෙ නැහැ. කොහොම උනත් අසුර රජු ආරුල්ට උත්තර ලබා දුන්නා.

පුනරාගමනWhere stories live. Discover now