සය වන කොටස

1K 200 151
                                    

කමෙන්ට් ගෝල් 50

"සුන්දරයි සුකුමාලයි අලංකෘතයි විනීතයි දාමරිකයි. මුගෙ ලස්සන බලපල්ලාකෝ අර නාවර පෙරෙන හම දවටන් ඉන්නවාට වඩා. අඩෝ කොලඹ කෙලි පැටික්කියෝ ටික මූව දැක්කාමත් බඩ වෙයි. එච්චරකට හැන්ඩියා. සමූපකාරේ කොඩිය උස්සන් පාරට බහින්න හිතෙනවා මට උඹව දැක්කම. පිස්සා උනාට කොල්ලා හැන්ඩියා"

විශුද් ආරුල් දුන්න , ඩෙනිමට ටී ෂර්ට් එක ඇඳගෙන බැරි බැරි ගාතේ ආයම ආරුල්ගෙ කාමරේට ආවේ ආරුල්  පැය ගානක් බලකලායින්  අනතුරුව. විශුද් එහෙන් මෙහෙන් ඇඟ නොපෙනෙන දිග කලිසමට හොඳට ඇඟපත වැහෙන ටී ෂර්ට් එකක් හොයා ගෙන තිවුනා. ආරුල් ඒකාගෙ ගානටම වගෙ උස මහතට උන්නු නිසා විශුද්ට ආරුල්ගෙ ඇඳුම් ගානට හරි ගියේ වාසානාවටද අවාසනාවටද මන්දා...

වාසනාවට වගේ ආරුල් විශුද්ට බාත්ටබ් එක පිරෙන්න වතුර පුරෝලා දුන්න නිසා විශුද්ට නවීන තාක්ෂණය එක්කලා හැප්පෙන්න උවමනාවක් උනෙ නැහැ. පැත්තක තිවුන ලක්ස් කැටේ අතුල්ලා දශක ගනනාවකට පස්සෙ ඇඟට වතුර ටිකක් හලා ගත්ත විශුද් ඇඳුම් මාරු කරගෙන ආවට විශුද්ට දැණුනෙ අපහසුවක්.

දේව ගෝත්‍රයේ විනයානුකූල සහ පවිත්‍ර ඇඳුම වෙනුවට ආරුල් දුන්න විකාර ඇඳුම දවටා ගන්න වුන නිසා පුපුර පුපුර උන්නු විශුද්ට ආරුල් වචන විස්සක් කතා කලොත් වචන දහයක්ම නොතේරුන නිසා ඒ අපහසුතාවය දෙගුණ උනා. ඒ මදිවට ඒකාගෙ කාමරේ හැමතැනම උන්නු ගෑණු ළමිස්සිගෙ විකාරරූපී ඇඳුම් නිසා විශුද්ට දැණුනෙ අසුරයෝ පුරවපු කාමරයක් ඇතුළෙ උන් එක්ක ලා ඉන්න එක තමන්ට මීට වඩා දහස් ගුණයක් පහසු වේවි කියලා.

"මොනවද බොසා හොරෙන් බලන්නේ... අර කෙල්ල ටයිලර් ස්විෆ්ට්. මගෙ ක්‍රස් එකක්. ලස්සන කෙළි පැටික්කි නේද?"

ආරුල් අහනකොට විශුද් ඒකාට රැව්වා. විශුද් ජිවත් වුන අවධියෙ කිසිම ගෝත්‍රයක ගැහැණියක් හෝ පුරුෂයෙක් තමන්ගෙ ශරීරය පෙනෙන්න මෙලස ඇඳගෙන උන්නෙ නැහැ. ඒ විතරක් නෙවෙයි කොන්ඩය මෙලෙස විකාර රූපී විදියට හදාන කිසිම ගෝත්‍රයක පුද්ගලයෙක් සිටියේ නැහැ. විශුද්ගෙ මූණ නෑඹිලිය උනා.

"මන්ද ඈ හට පිලිවෙලකට සැරසෙන්න නොහැකි? අනෙක එවැනි ස්ත්‍රියකගෙ රූප රූමු මෙලෙස තබාගෙන...? කුමන අන්දමේ නැහැදිච්ච කමක්ද මේ?"

පුනරාගමනWhere stories live. Discover now