විසි එක් වන කොටස

692 129 111
                                    

කමෙන්ට් ගෝල් 50

රිවාන් කේතලෙන් වතුර උණු කරාන මේසේ උඩට ගන්න ආරෝ දිහා බලාන උන්නා. ආරෝ ගොජ දාලා නටන වතුර වීදුරු ජොග්ගුවකට වත් කරාන තේ කුඩු පුරෝපු බෝතලේ අතට ගන්නවා ශාන්ත ඉරියව්වෙන් බලන් හිටපු රිවාන්ට තමන්ම පාලනය කර ගන්න බැරි වගයක් දැනෙනකොට රිවාන් වේගයෙන් හුස්ම ගත්තා. ඒකාගෙ සරාගික සුන්දරත්වෙ අස්සෙ හැංගුන අහිංසක පාට ඒකාගෙ ආත්මේ ඇතුළෙ හැංගිලා උන්නු තිරිසන් සතා අවධි කරනවාය වාගේ ඒකාට දැනුනා

වීදුරු ජොග්ගුවේ ගොජ දදා ඉතිරෙන උණු වතුර වලට හම පිච්චෙනකොට දැනෙන වේදනාවේ තරම කොච්චරක්ද විත්තිය රිවාන්ට නුහුරු නුපුරුදු හැඟීමක් නොවුනා. පලවෙනි ශ්‍රේණියේදී එක කොල්ලෙක් ඉස්සරහට ගිහින් පන්තියේ දෙවනියා වුන වරදට , අවුරුදු හයක පුංචි කොල්ලාගේ අතේ හම උණු වතුරට හාමු මහත්තයා පිච්චුව වේදනාව තාමත් රිවාන්ට මතක තියෙනකොට , ඒ වේදනාවේ තරම ඔහුට අමුතුවෙන් කියා දෙන්න උවමනා උනේ නැහැ.

එදා තමන්ගෙ පුංචි අත් උණු වතුරට පිච්චෙනකොට දැණුන වේදනාව , තමන් හැමදාමත් පාහේ අත් විඳින අසරණ කම තමන්ගෙ ඇස් ඉස්සරහ වෙනත් අයෙක් අත් විඳිනවා බලන්න දැඩි ආශාවෙන් පෙලුණු රිවාන් දෙපාරක් නොහිතා තේ කුඩු හැන්දක් අතට ගත්ත ආරෝගෙ අතින් අල්ලා ගත්තා. ආරෝගෙ අතෙ තිබුණු දුඹුරු පාට තේ කුඩු හැම තැනම ඉහිරෙන කොට ආරෝ ඇස් ලොකු කරගෙන රිවාන් දිහා බැලුවා. ඇඟ පතින් හීන් දෑරි , තමන්ට වඩා ශරිර ප්‍රමාණයෙන් පුංචි ආරෝව පාලනය කරන එක රිවාන්ට කොහෙත්ම අපහසු උනේ නැහැ. සිදුවෙන්නෙ කුමක්ද කියලාවත් අවබෝධයක් නැති ආරෝගෙ අත රිවාන් නටන උණු වතුර පිරුණු වීදුරු ජොග්ගුවට අසුරු ක්ෂණයෙන් ඔබනකොට , ආරෝට කෑ ගහන්න පුලුවන් උනා නම් අවුරුදු දහ තුනකට පමණ ඉහතදී තමන් කෑ ගහපු තරම්ම හයියෙන් ඔහුත් වේදනාවෙන් කෑ ගසාවි කියලා රිවාන්ට විශ්වාස උනා.

ඇස් වලින් වැටෙන කඳුලු බින්දු එක්ක ආරෝ රිවාන්ගෙන් ගැලවෙන්න දඟලනකොට මේසෙ කොනේ තිවුනු ජෝගුව බිම වැටිලා , වීදුරු කටු හතර අත විසිරෙනකොට ආරෝගෙ කම්මුලට රිවාන් ගහපු පාරට ආරෝ විසි වෙලා බිම වැටුනා. ඒ සද්දෙට බත් තම්බ තම්බ උන්නු දයාවතී කුස්සි අම්මා එතනට පොල් කටු හැන්දත් උස්සගෙන දුවගෙන එනකොට බිම වැටිලා උන්නු කොල්ලා දැකලා කුස්සි අම්මාට කෑ ගැහුනා. ඒකා ඉස්සරහ රිවාන් ඇණ තියා ගත්තෙ කුස්සි අම්මා ඉන්නවාය කියලාවත් ගානක් නැතිව.

පුනරාගමනWhere stories live. Discover now