දහසය වන කොටස

766 144 142
                                    

කමෙන්ට් ගෝල් 50

විනෝද චාරිකාව ආව පිරිස ගමනාන්තයට ලඟා වෙනකොට ඉර බැහැලා යන්න අරගෙන රාත්‍රිය උදා වෙන්නත් පටන් අරගෙන, බස්නාහිර අහස තනි රතු පාටට හැඩ වෙලා!! ලාවට තියන හිරු එලියෙන් බඩු භාණ්ඩ ටික නවාතැන් ගන්න කතා කර ගත්ත ගේ ඇතුලට ගන්න වැඩිහිටියන්ට ආරුල්ලා උදව් කරනකොට , විශුද්ටත් පැත්තකට වෙලා ඉන්න බැරි උනේ ආරුල් විශුද්ට එක දිගට අපහාස කරන්න පටන් ගත්තා.


" පෙරේදා මල් වර වෙච්චි ළමිස්සී වගේ පැත්තකට වෙලා ඉන්න හැටි විතරයි..."

" ඒයි උඩරට මැණිකේ.. උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක.. ඒ මැණිකේ.. නිළමේ දිහා බලපන්කෝ... මැණිකෙ විශුද්."

" කුමාරිහාමී මේක පොඩ්ඩක් ඇල්ලුවාට ඔය අත පය ගෙවෙන්නෑ"

ආරුල් එක දිගට කෑ ගහන්න පටන් ගන්නකොට විශුද්ට රතු කට්ට පැන්නා.  මේඝදුර්ග මාලිගයේ අතට පයට සේවකයො දෙපාමුල තියාන හිටපු විශුද්ට තමන්ගෙ වැඩ තමන්ම කර ගන්නවා කියන කාරණාවත් අලුත් දෙයක් උනාට විශුද්ට ඒ දේට හැඩ ගැහෙනවා ඇරෙන්න වෙන විකල්පයක් තිබුනෙත් නැහැ. ඒත් මෙලෙස බඩු අදින්න? එය ඔහුගෙ රාජකීය නාමයට කෙසේවත් ගෞරවයක් වූයේ නැහැ.  විශුද් ආරුල්ට දෙකක් රැව්වා.

' මේ නැහැදිච්ච බාලකයා!! සංජෝ කුමක්ද ඔබ මට මේ අත් කල ඉරණම සංජෝ...? '

විශුද් තමන්ගෙ පෞද්ගලික සේවකයාට හිතෙන් දොස් දෙවොල් තියන ගමන් ආරුල් ගාවට යනකොට ආරුල් අතෙ තිබ්බ තඩි මල්ල විශුද්ගෙ මූණට දමලා ගහලා වෑන් එක ඇතුලෙ තිබ්බ කූඩයක් ගන්නකොට විශුද් පුප්පගෙන නවාතැන්පොල පැත්තට යන චාර්වීව අනුගමනය කරන්න ගත්තෙ වෙන කරන්න දෙයක් නැති නිසා.

"හැටි විතරක් යන හැටි.. පාත්තයෙක්ට වැසිකිළි  යන්න ඕනෙ වෙලා වගේ. රාජකුමරා හැව් හැව් තමා. රාජකුමාර නෙවෙ රාජකුමාරි කියලා දා ගන්න තිබ්බේ මූට"

ආරුල් පුප්ප ගෙන හිතෙන් බැන බැන විශුද්ගෙ පස්සෙන් ඇතුලට ගියේ සිහින් හඬින් ගීතයක් ගායනා කරන ගමන්. ඒකාගෙ ඇස් තිබ්බෙ විශුද් ආරුල් කීව උපමා ප්‍රකාරවම ඇතුලට යන විදියේ. ආරුල්ට හිනා ගියා

පුනරාගමනWhere stories live. Discover now