59.

78 9 15
                                    

ගුරුන්නාන්සෙ කිනිස්ස අතට දීලා උට කීවෙ මගේ අතේ කැපුමක් දාන්න කියලා.මොන කුණුහරුපයක්ද යකෝ මේක!

මගෙ ඇඟේ මදුරුවෙක්ටවත් වහන්න නොදී පරිස්සම් කරන සයාශ් අයියටද මේ මූ මගෙ අත කපන්න කියන්නෙ!

සයාශ් අයියට තත්පර ගානක් යනකල් හුස්ම පවා අමතක වෙලා ගියා.වෙන කරන්න දෙයක් තිබුනෙ නැතුව කවේ ඇතුළෙ දණ ගහන් හිටිය මගේ දිහා සයාශ් අයියා බලාගෙන ඉද්දි මං උට ඉඟි කරලා කීවෙත් අවුලක් නෑ මං හොඳින් කියලා විතරයි.කවේ ඇතුළට එන්න බැරි හින්දා සයාශ් අයියා කවේ එක කොනකට ඇවිත් පහත් වෙලා පිටිපස්සට කරලා ගැටගහලා තිබ්බ මගෙ අත් ගාවට හෙමින් සීරුවෙ අර කිනිස්ස ළං කරද්දි උගේ අත් ඉබේම වෙවුලන්න පටන් ගත්තා.

"ඉක්මන් කරපන් සයාශ්"

නිමේක්ෂ අයියා එහෙම කීවෙ සයාශ් අයියා තවමත් මගෙ අත් දෙක දිහා බලන් මනෝලෝකෙක තනි වෙලා ඉන්න බව දැනගෙන.අකමැත්තෙන් වුනත්.. එයාට ඒක කරන්නම සිද්ධ වුණා.'මට සමා වෙයන් රත්තරනේ..' කියලා ලාවට මගෙ කනට කොඳුරන් සයාශ් අයියා මගෙ දකුණු අතේ මැණික් කටුවට ටිකක් එහයින් කිනිස්ස තියලා එක කැපුම් පාරක් දැම්මෙ මම දත් මිටි කාගෙන ඇස් එක වහන් ඒක ඉවසගන්න උපරිම උත්සහ කරන මොහොතෙදි.ඕනිවට වඩා සෙන්සිටිව් මනුස්සයෙක් වුනාම ඔහොම තමයි සගෝ.අඩුම තරමෙ මදුරුවෙක් විදිනකොටවත් ඉවසගන්න බෑ ඒ වේදනාව! ඒත් ම‍ං අද.. සයාශ් අයියා වෙනුවෙන් ඒක ඉවසන් හිටියා.

මගේ අතින් ඒ එන්න පටන් ගනිද්දි ගුරුන්නාන්සෙ කවේට පිටින් මගෙ ළඟට ඇවිත් බිම තිබ්බ කපුරු මලකුයි බිත්තරේකුයි අතට අරන් ඒ දෙකටම මගේ අතෙන් වැටෙන ලේ බිංදු දෙක තුනක් අරගෙන කවේ ඉස්සරහම තිබ්බ කවේ ගාවින් තියලා එකපාරටම වයිබ්‍රේට් වේගෙන මොනවදෝ මන්ත්‍ර වගයක් කියවන්න පටන් ගත්තා.ඒක කොච්චර බය හිතෙන මොහොතක්ද කීවොත් මට වෙන වෙන අවශ්‍යතාවල් ආවෙ නැතුවමත් නෙවෙයි.

එකදිගටම ගුරුන්නාන්සෙ පොල් මලත් හොල්ල හොල්ල අර මන්ත්‍රය කිය කිය කවේ වටේට වට ගාණක් ඇවිදන් ගියා.ඒ අඩිපාරවල් දිහා බලන් ඉඳලම මටත් පොඩි කැරකිල්ලක් ආවා එවලෙ.හැබැයි ටික වෙලාවකින් මට වටපිටාවෙ පේන්න තිබුනු දේවල් හැමදේම බොඳට පේන්න පටන් ගනිද්දි වට පිටාවෙ තිබ්බ සද්දවලුත් එකින් එක මගෙන් ඈතට ගියා.

මණ්දාකිණි | BL | Horror | Ongoing ⚠️️Where stories live. Discover now