කුමක් ද මේ දැනෙන්නෙ...
මන්ද මෙහෙම හැගෙන්නේ..
මන්ද සීතල පැහැ
එම කලු පැහැති නෙතු..
මා හට මීට පෙර
නෙත නොගැටුනුනේ...
කිමද මාගේ හදවත ධාවන පථයක
සිටින තරගකරුවෙකු වේගයෙන් දුවනවා සේ
තරගෙට ගැහෙන්නේ..
හදවතින් මේ පැමිණෙන වේදනාව
මා හට දරා ගැනීමට අපහසු ය..
මන්ද මා හට
මීට පෙර මෙසේ කිසි දිනෙක
නොදැනුනේ..
කුමක් ද පිළියෙම මෙ වේදනාව
නවතා දැමීමට..
මා මෙසේ වේදනා විදීමට ඇවැසි
අයෙකු නොවන්නේ..
මන්ද කෙතෙරම් නොබලා සිටීමට
තැත් කලද
මාගේ කෝපි පැහැ වූ දෑස්
සෑම තැනකම එම කලු පැහැති දෑස්
පමණක්ම සොයන්නේ...
ඒ හීනි කලු පැහැති දෑස්
මන්ද මෙතෙරම් ආකර්ෂණීය වන්නේ..
කිසි විටෙකත් තවෙකෙකුගේ දෑස් වල
නොගිලුනු මාගේ කෝපි පැහැ දෑස්
ආගාධ වන් ගැඹුරු රහස් පවසන
එම තද කලු පැහැති දෑස් වල
තව තවත් ගිලී යාමට ඉල්ලන්නේ...Tina_
YOU ARE READING
𝙳𝙰𝙸𝚂𝚈 🌼
Fantasyමලකට තිබිය හැකිද කතාවක්? එසේත් නොමැතිනම් මිනිසුන් මල් වලට ලබාදේවිද කතාවක්? ලිවීම පැවසීමට නොහැකි වූ හැගීම් පැවසීමට උචිත තවත් එක් ආකාරයකි. මගේ හිත තුළ ඇති ෆැන්ටසි සිහිනත්, වේදනාකාරී වූ ප්‍රථම ප්‍රේමයත් හැකි අයුරින් ප්‍රකාශ කොට සිත නිදහස් කර ගැනීමක්ය...