අවශ්‍යතාවයක් නොමැත මා හට
මෙම විහිලුව කිරීමට
ඇවැසිය මා හට මාගේ
කෝපි පැහැ දෑස් වල දිවීම නැවතීමට..
නමුත් මන්ද මගේ දෑස් මටම
පිටුපා තව තවත් ඒ
ආගාධ වන් ගැඹුරු කලු පැහැති දෑස්
සොයා දුවන්නේ..
දෑස් පමණක් නම් ප්‍රමාණවත් ය..
මන්ද ඔහු මෙතෙරම් ම කඩවසම්
කිරිගරුඬ වන් සමත්
තද කලු පැහැති ආගාධ වන් ගැඹුරු
ආකර්ෂණීය දෑසුත්
දකුණු කම්මුලේ පමණක් වූ ඩිම්පල් එකත්
හීනි තොල් පෙතිත්
උස් වූ මදක් විශාල ඇදුම් වලට
මනාව කැපුනු සිහින් ශරීරයත්
ඇවිස්සුනු කොන්ඩයත්
මන්ද ඔහුට ගෙන ආවේ
කිරිගරුඬ ප්‍රතිමාවක ස්වරූපය..
ඔහුගේ සීතල පෙනුම
ඔහුව තව තවත්
පිළිමයක් බවට පත් කරලන්නේ
මා තව තවත් අසරණ කිරීමටද?Tina _
YOU ARE READING
𝙳𝙰𝙸𝚂𝚈 🌼
Fantasyමලකට තිබිය හැකිද කතාවක්? එසේත් නොමැතිනම් මිනිසුන් මල් වලට ලබාදේවිද කතාවක්? ලිවීම පැවසීමට නොහැකි වූ හැගීම් පැවසීමට උචිත තවත් එක් ආකාරයකි. මගේ හිත තුළ ඇති ෆැන්ටසි සිහිනත්, වේදනාකාරී වූ ප්‍රථම ප්‍රේමයත් හැකි අයුරින් ප්‍රකාශ කොට සිත නිදහස් කර ගැනීමක්ය...