මම ආසම ඒ අමුතු හැගීමට
ඉර බැහැගෙන යන හවසක
පාලු පරිසරයක
තනිවම හැදගෙන
වැස්ස දෙස බලාගෙන
උණුම උණු කලු තිත්ත කෝපි
කෝප්පයක රසය විදින්නට..
දුඹුරු පැහැ කෝපි,අදුරු පරිසරය
එදා එම කලු පැහැති ආගාධ වන්
ගැඹුරු දෑස් හිමි තරුණයා
හැද සිටි ඇදුම් මා හට මතක් කරයි..
ක්ලැසික් සංගීතය,
දුඹුරු පැහැ ගවුම්
මා කිසි දිනෙකත් ආසා කල දේවල්
නොවෙයි..
නමුත් ඒ අත්භූත තරුණයා
මා මෙ වන විටත්
කිසිදු හේතුවක් නොමැතිව
අයිතියක් නොමැතිව
බොහෝ වෙනස් කොට අවසන් ය..Tina_
YOU ARE READING
𝙳𝙰𝙸𝚂𝚈 🌼
Fantasyමලකට තිබිය හැකිද කතාවක්? එසේත් නොමැතිනම් මිනිසුන් මල් වලට ලබාදේවිද කතාවක්? ලිවීම පැවසීමට නොහැකි වූ හැගීම් පැවසීමට උචිත තවත් එක් ආකාරයකි. මගේ හිත තුළ ඇති ෆැන්ටසි සිහිනත්, වේදනාකාරී වූ ප්‍රථම ප්‍රේමයත් හැකි අයුරින් ප්‍රකාශ කොට සිත නිදහස් කර ගැනීමක්ය...