වැස්ස

4 1 0
                                    


දින තුනකට පසු නැවතත් කලු
පැහැති ආගාධ වන් ගැඹුරු
රහස් පවසන දෑස් හිමි තරුණයා
දුටුවෙමි..
යාන්තමින් වැටෙන වැස්ස
පරිසරය තවත්
අලංකාරවත් කෙරුවේය..
යාන්තමින් තෙමී පන්තියට
දුවගෙන් ආ ඔහු මාගේ දෑස්
ඉදිරිපිට නතර වූයේය..
අහස කලු කර සීතල
වර්ෂාව වැටෙන විට
කිසිවෙක් හෝ වෙනත්
ළග පාතක නොමැති විට
ඔහුගේ කලු පැහැති දෑසුත්
මාගේ කෝපි පැහැති දෑසුත්
තප්පර කිහිපයක් පමණක් ම
එකිනෙකාගේ දෑස් වල
ගිලුණහ.

Tina_

 𝙳𝙰𝙸𝚂𝚈 🌼Where stories live. Discover now