එකමත් එක කාලෙක
එක පුංචි අලංකාරවත් වූ
ඝන ශාක වලින් පිරි
කැලෑවක
පිපුණු පුංචි ඩේසි මල
අසල වූ ගමෙහි සිටි කලු පැහැති
කුඩා පූස් පැටියා
සැමදාම ගියාලු මෙ ලස්සන පුංචි
මල දැක ගන්න
පූස් පැටියා දැනගෙන හිටියේ නැහැ
පුංචි ඩේසි මලට කතා කරන්න
ඕන කොහොමද කියන එක.
පූස් පැටියා හැමදාම එන බව දැක්කත්
ඩේසි මල දැනගෙන හිටියෙත් නැහැ
කොහොමද පූස් පැටියෙක්ට
කතා කරන්න ඕන කියන එක
දෙන්නගෙ භාෂා වර්ග දෙකක් වෙනකොට
එකිනෙකාට කතා කරන්න
කවදාවත් ම අවස්තාවක්
හමු වුණේ නැහැ..
ඉතිං කාලයක් එක්ක
පුංචි ඩේසි මල
පරවෙලා ගියා..
ඒ වගේම කලු පැහැති පූස් පැටියව
ගමේ හිටපු පුංචි දරුවෙක්
සුරතලේට හදන්න අරගෙන ගියා..
ඩේසි මලත් පුංචි පූස් පැටියත්
කතා බස් නොකරම
ඈත් වෙලා ගියා..Tina_
YOU ARE READING
𝙳𝙰𝙸𝚂𝚈 🌼
Fantasyමලකට තිබිය හැකිද කතාවක්? එසේත් නොමැතිනම් මිනිසුන් මල් වලට ලබාදේවිද කතාවක්? ලිවීම පැවසීමට නොහැකි වූ හැගීම් පැවසීමට උචිත තවත් එක් ආකාරයකි. මගේ හිත තුළ ඇති ෆැන්ටසි සිහිනත්, වේදනාකාරී වූ ප්‍රථම ප්‍රේමයත් හැකි අයුරින් ප්‍රකාශ කොට සිත නිදහස් කර ගැනීමක්ය...