හැගීම් විරහිත දුක්ඛිත දෑස්

2 1 0
                                    


වරු ගානක් එක් දිශාවක් දෙස
බලා සිට කල්පනා කරන
හැගීම් විරහිත දුක්ඛිත දෑස්..
කිසිදු හැගීමක් නොපෙන්වන
හැගීම් විරහිත දුක්ඛිත දෑස්..
තනිවම තර්කකොට සිතුවෙමි
මන්ද හේතුව මෙම
හැගීම් විරහිත දුක්ඛිත දෑස්වලට..
කිරිගරුඬ ප්‍රතිමාවක
හැගීම් විරහිත දුක්ඛිත දෑස්..
පෙනුමෙන් පමනක් ම නොව
හැසිරීමෙන්ද ප්‍රතිමාවක් වුණු
සැබෑම
හැගීම් විරහිත දුක්ඛිත දෑස්..
මාගේ කෝපි පැහැ දෑස්
ආකර්ෂණය කල
හැගීම් විරහිත දුක්ඛිත දෑස්..

Tina_

 𝙳𝙰𝙸𝚂𝚈 🌼Where stories live. Discover now