තුන ❤️‍🩹

666 120 202
                                    


අද ටේ ටිකක් වේලාසනින් එළවළු කොටුවෙන් ඇවිත් කෙලින්ම පොලට ගියා. ටේට ගන්න බඩු ගොඩාක් තිබුනා. දැන් දවස් ගානක ඉදන් ගෙදර වියදම් පිරිමහගෙන ටේ සල්ලිත් ටිකක් වැඩියෙන් එකතු කරගෙනයි තිබුනෙ නෑ.





පොලේ ඉදන් ටේ ගෙදර ආවෙ තරමක් ලොකු මල්ලකුත් උස්සගෙනමයි. බැලූ බැල්මට ටේට සෑහෙන වියදමක් ගිහින් බව පේන්න තිබුන මල්ලත් අරන් ටේ පාර දිගේ ආවෙ හරි ආඩම්බරකාර හිනාවකුත් කටේ පුරවගෙනයි.





මොකද අද එයාගෙ සුදු බබාගෙ දහවෙනි උපන්දිනේ.




ටේට ඕන උනා පුංචි ජන්කුක්ව පුදුම කරන්න. අද ජන්කුක් ටේව බලන්න එනවා කියලා කලින් දවසෙම කියලා ගිය නිසා ටේ ජන්කුක් වෙනුවෙන් වෙනස් විදිහෙ කෑම වේලක් හදන්න ලෑස්ති උනා.





ගෙදර ගිහින් ඇඟපත් හෝදලා ඇදුමක් දාගත්ත ටේ කුස්සියට ගිහින් කහට ටිකක් හදාගන්න හිතන් ලිප අවුලුවලා කේතලේ තිබ්බා. ටේ කියන්නෙ කැම ගැන මහ ලොකුවට හිතපු කෙනෙක් නෙමෙයි.






සුදු බබා ලඟ ඉන්නකොට හිතයි බඩයි දෙකම පුරවගත්තත් අනිත් වෙලාවට ටේ කෑම කෑවෙ හරි අඩුවෙන්.





පාන් පිටි ටික හලලා පැත්තකින් තියපු ටේ, බිත්තර ටික කඩලා භාජනේකට දාලා, ඒකටම සීනියි, එයා කඩෙන් ගෙනාපු ලූස් මාගරින් ටිකයි දාලා සීනි කැට දියවෙනකන් හොදට කලවම් කරා. ඊට පස්සෙ ඒකටම වැනිලා බිංදු දෙක තුනකුත් දාලා පිටි ටිකෙන් ටික දදා කේක් මිශ්‍රණය පදමට හදාගත්තා.





"සුදු බබා හිටියානම් රස කර කර කයි..." හැන්දේ තිබුන කේක් මිශ්‍රණයෙන් ටිකක් ඇඟිල්ලකට අරගෙන රස බලපු ටේ එයාටම කියාගත්තා.





රවුම් බිස්කට් ටින් එකකට තෙල් කොලයක් දාලා ඒකට කේක් මිශ්‍රණය දාපු ටේ ඒක පැත්තකින් තියලා ගිහින් කේතලේ බෑවා. ඊට පස්සෙ ඉදිආප්ප තම්බන්න ගන්න ලොකු භාජනේට වතුර පුරවලා ඒක පියනෙන් වහලා ලිපෙන් තිබ්බා.






ටේගෙ ගෙදර පෝරනුවක් තිබ්බෙ නැති නිසා එයා එහෙම තමයි කේක් එක හදන්න හිතාගත්තෙ.





ආදර දේදුන්න |TK|Where stories live. Discover now