💞💕 හනේව් ඔයාලාගෙ Comments නිසා මට පිස්සු හැදිලා ඉන්නෙ 🥺❤️💝❤️🩹
____________________________"ටේ ඔයාට මොනවා හරි උවමනානම් රීටාට කියන්න හරිද?"
"හරි සුදු මැණිකෙ..."
ටේ සුදු මැණිකෙට උත්තර දුන්නෙ ලස්සන හිනාවකින් මූණ සරසගෙනමයි.
ටේ හිටියෙ ආරච්චි මහත්තයාගෙ බංගලාව පිටිපස්සෙ තාවකාලිකව ඉදි කරපු කුස්සියක. අද රෑට සුදු මැණිකෙගෙ පවුලෙ අය සුදු බේබි හාමුගෙ දහාටවෙනි උපන්දිනේටත් එක්කම ගමට එන නිසා බංගලාවෙ ලොකූ සාදයක් සූදානම් කරලා තිබුනා.
සුදු මැණිකෙගෙ පවුල විදේශ සම්භාවයක් තියෙන පවුලක් නිසා එයාලා අතර විදේශ රටවල් වල ජීවත් වෙන අය සෑහෙන්න පිරිසක් හිටියා.
එයාලාට රෑ කෑම වේලට ගමේ විදිහට රසම රස කෑම ටිකක් දෙන්නයි සුදු මැණිකට උවමනා උනේ.
දැන් ඉතිං ගමේ ඉන්න දක්ෂම සූපවේදියා තමයි ටේ. අත්තම්මා වගේම ගමේ උත්සව වලට ටේත් කෑම හැදුවා.
පුංචි හාමු එහෙමත් නැත්තං ආරච්චි මහත්තයාගෙ අවසරෙත් එක්කම සුදු මැණිකෙ ටේව ගෙන්නලා තමයි එයාගෙ පවුලෙ අයට කෑම පිලියෙල කරේ. ටේට ඒ වෙනුවෙන්ම හොදට ඉඩකඩ තියෙන කුස්සියකුත් සුදු මැණිකෙ හදවලා තිබුනා.
"මොකෝ දැන් අක්කි කියන්න කට ඇරෙන්නෙ නැතිද?" සුදු මැණිකෙ ඇහුවෙ බොරු තරහක් මවාගෙනයි.
YOU ARE READING
ආදර දේදුන්න |TK|
Fanfiction🖤🤍 කළු සුදු ජීවිතේකට පාට ගෙනාපු පුංචි දඟකාරයා 💔🩹🌈❤️🩹 Top Kook 🔝🐰 Smut warning ⚠️🔞