🤎🍂 සිංදුව අහලා ඉන්න 🥺🎧
_____________________________"සුදු බේබි හාමු...? සුදු බේබි හාමු...?"
ගෙයි ඉස්සරහා පැත්තෙන් කටහඩක් ඇහෙනකොට කුස්සියේ අඩ නිරුවතින් එකිනෙකාව ආවේගයෙන් සිපගනිමින් හිටපු ආදරවන්තයක් දෙන්නා කලබලෙන් එකිනෙකාගෙන් ඈත් උනා.
මිනිත්තු ගානක් පුරාවටම ජන්කුක්ගෙ සිරුර පුරා දුවපු දෑත් වෙවුලන්න ගන්නකොට ටේ එයාගෙ අත් දෙක එයාගෙම පපුවට තුරුල් කරගත්තා.
ගෙදරට අදින සාමාන්‍ය කොට කලිසමක් විතරක් ඇඳලා හිටපු ටේව, යට කලිසම විතරක් ඇඳලා හිටපු ජන්කුක් පපුවට තුරුල් කරගෙන පිට අතගෑවා.
දෙන්නාගෙම ගැඹුරු හුස්මවල් නිහඩ පරිසරය පුරාම පැතිරුනා. එකිනෙකාගෙ නමින් ඒ ආදරණීය හදවත් ගැහෙන හඬ පිටතට ඇහෙන තරම්ම වේගවත් උනා.
"සුදු බේබි හාමු...!!!"
ආයෙත් ගෙයි ඉස්සරහා පැත්තෙන් කතා කරන හඩක් එද්දි ටේ ජන්කුක්ගෙ පපුවට අත් දෙක තියලා ජන්කුක්ව ඈත් කරලා බිම වැටිලා තිබුන එයාගෙ කමිසෙ අහුලලා ඇඳගත්තා.
කුස්සියෙ උය උය හිටපු තමන්ව එක පාරටම ජන්කුක් සිපගන්න ගමන් උඩ ඇදුම උනා දැම්ම විදිහ ගැන හරි මතකයක් ටේට තිබුනෙ නෑ.
භාගෙට නාලා හිටපු ජන්කුක් නිසා ටේගෙ ඇඟ පුරාම පුංචි පුංචි වතුර බිංදු රැඳිලා තිබුනා. ටේ තෙත පිටින්ම එයාගෙ කමිසෙ අඳින දිහා ජන්කුක් සෙල්ලක්කාර විදිහට හිනා වීගෙන බලන් හිටියා.
YOU ARE READING
ආදර දේදුන්න |TK|
Fanfiction🖤🤍 කළු සුදු ජීවිතේකට පාට ගෙනාපු පුංචි දඟකාරයා 💔🩹🌈❤️🩹 Top Kook 🔝🐰 Smut warning ⚠️🔞