අද චැප්ටර් එකට ඒක හොදටම ගැලපෙනවා බබෝ 😫♥️👀❤️🩹 සින්දුව අහගෙන කතාව කියවන්න එහෙනම් 🎧🎶___________________________
"මේ අත මෙහෙම තියන්න, එතෝට පරිස්සම්..."
ටේගෙ තුවාල අත අරගෙන එයාගෙ පපුව උඩින් තියාගත්ත ජන්කුක් එයාගෙ පපුව උඩම ඔලුව තියාගෙන ඉන්න ටේගෙ කොන්ඩෙ අතරින් ඇඟිලි යවලා ඔලුව අතගෑවා.
ජන්කුක් ගෙනාපු බත් එක ටේට කවන ගමන් එයත් කටවල් පහ හයක් කාලා, දොර ජනෙල් අගුල් දාලා, කුප්පි ලාම්පුවත් නිවලාම දෙන්නා එක්කම නිදාගන්න ඇඳෙන් වැතිරුනා.
ටේගෙ ඔලුව පපුවෙ එක පැත්තකට වෙන්න තියපු ජන්කුක්, අනිත් පැත්තෙන් වෙලුම් පටි ඔතලා තිබුන ටේගෙ අත තියලා, ටේගෙ කකුලකුත් අරගෙන එයාගෙ කකුල් උඩින් දාගෙන ටේව පුලුවන් තරම් එයාගෙ පපුවට තද කරගත්තා.
"මෙතන කොහොමත් පරිස්සම් තමා මට..."
ජන්කුක්ගෙ නිරුවත් පපුවට තොල් තද කරපු ටේ අදුරෙ උනත් දිස්න ගගහා පේන ජන්කුක්ගෙ බෝල ඇස් දිහා බලාගෙන කියනකොට ජන්කුක් ටේගෙ කම්මුලක් එයාගෙ මහපට ඇඟිල්ලෙන් පිරිමැද්දා.
ටේගෙ තුවාලෙ වේදනාවයි ඇගපතේ වේදනාවයි තාමත් පහ වෙලා නොතිබුනත් ටේ එයාගෙ සුදු බබාව රිද්දන්න බැරි කමට හරි ලස්සනට හිනා වුනා.
"එහෙනම් අස්සට රිංගලා ගුලි වෙන්න, මට බයයි නැති කරගන්න..."
YOU ARE READING
ආදර දේදුන්න |TK|
Fanfiction🖤🤍 කළු සුදු ජීවිතේකට පාට ගෙනාපු පුංචි දඟකාරයා 💔🩹🌈❤️🩹 Top Kook 🔝🐰 Smut warning ⚠️🔞