තිස්තුන ❤️‍🩹 (M)

883 114 634
                                    

💛තව්තිසා ලොවෙන් වැඩී - දේවතාවියක් වැනී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


💛තව්තිසා ලොවෙන් වැඩී - දේවතාවියක් වැනී..
ඔබට පරදී නෙළුම් මල් පෙතී... 💫🤍

__________________________


ඇදිරි වැටීගෙන එද්දි අලුත් ජෝඩුව එයාලාගෙ ගමනාන්තයට එනකොටනම් සුදූගෙ අහිංසක ඇස් කඳුලින් පිරිලයි තිබුනෙ.



එන්න කොච්චර ආස උනත් කවදාවත් එයා සුදු මහත්තයාගෙන් ඒ ඉල්ලීම නොකරෙ ඒ දරුවට වචනෙකින්වත් කරදරයක් වෙන්න අකමැති නිසයි.



ඒත් සුදු මහත්තයා සුදූගෙ අහිංසක හිත කියවලා වගේ එයාලාගෙ ජීවිතේ අලුතින් ආරම්භ කරන්න එයාලා මුලින්ම මුණ ගැහුනු තැනටම සුදූව එක්ක ඇවිත් තිබුනා.




ඔව්... ජන්කුක් එයාලාගෙ මදුසමය ගත කරන්න තෝරගෙන තිබුනෙ එයාලා මුලින්ම මුණ ගැහුන, ආදරේ බෙදා ගත්ත, සැනසුන පුංචි පැලයි.





පැල ලඟට කාර් එකෙන් එන්න බැරි නිසා කාර් එක පන්සලේ නවත්තලා, දෙන්නා එක්කම ලොකු හාමුදුරුවො බැහැ දැකලා, අලුත් ජීවිතේට ආශිර්වාද අරගෙනම එයලාගෙ බඩු මලු ටිකත් අරගෙන රබර් වත්ත මැද්දෙන් පැලට ආවා.





ගෙවුන අවුරුදු ගානට එයාගෙ පුංචි පැල ගරාවැටිලා ඇතියි කියලා සුදූ කොළඹ ඉදන් නොසෑහෙන්න දුක් උනත් එයා දුක් උනේ ඵලක් ඇති දේකට නොවන බව ටේට පැලට ආවහම තමයි තේරුම් ගියෙ.





වහලට අලුතෙන් පිදුරු හෙවිලි කරලා, දිරලා ගිය ලී පටි අයින් කරලා අලුතෙන් ලී පටි ගහලා තිබුනා වගේම, එයාලාගෙ පුංචි ඇඳේ තිබුන කොහු මෙට්ටෙ වෙනුවට සැප පහසු මෙට්ටයක් පවා දාලා ජන්කුක් එයාලාගෙ පුංචි පැල නවීකරණය කරලා තිබුනා.





ආදර දේදුන්න |TK|Where stories live. Discover now