දහහතර ❤️‍🩹

591 99 326
                                    


කලින් chapter එකේ comments වලටනම් මං එකක් නෑර reply කරා. 🥺♥️✨ reply කරන්න බැරි උනාම මගේ හිතට හරි නෑ අප්පා 🤧



ඔන්න අද උදේම දුන්නා (4:15 am) 🙈 මං දැන් නිදාගන්නෙ... 😴🛌 මං නැගිටිද්දි ඔයාලා මේක කියවලා තියෙයි 💔🩹❤️‍🩹🌇

___________________________

"අන්න සුදු බේබි හාමු එනවා..."




වෙල් යාය හරහා ඈතින් පේන පාරෙ හාවෙක් වගේ උඩ පැන පැන දුවගෙන එන ජන්කුක්ව දැකපු කුඹුරෙ හිටපු කෙනෙක් ඇගිල්ල දික් කරනකොට ටේත් ඒ පැත්තට ඔලුව හරවලා බැලුවා.





උදේ ලස්සනට ලෑස්ති කරලා, සුදු ඇඳුම පිලිවෙලට අන්දලා, කොන්ඩෙ පිරලා යවපු කොල්ලාට හාත් පසින්ම වෙනස් හඩු කොල්ලෙක් ඈත උඩ පැන පැන එන හැටි ටේ ඔලුව දෙපැත්තට වනලා බලාගෙන හිටියා.





කොන්ඩෙ අවුල් කරගෙන, කලිසමට යට කරලා තිබුන කමිසෙ උඩින් දාගෙන, උඩ බොත්තම් ගලවලා හිටපු මේ ජන්කුක්ව ටේට තියා මේ ගමේ කාටවත් අරුමයක් උනේනම් නෑ. මොකද හැමදාම දඟ සුදු බබා ගෙදර ආවෙ ඔහොමයි.





උදේ සුදු මැණිකෙ ඇවිත් ගියාම අවුල් උන හිතත් එක්ක ටේට ගෙයි තනියම ඉන්න බැරි නිසා ටේ ආයෙත් කුඹුරටම ඇවිත් වැඩ කරන මිනිස්සු එක්ක කාලය ගතකරා. අනික සුදු මැණිකෙ ගියාට පස්සෙ ගඟ පැත්තෙන් පැල දිහාට අප්පු මාමා එනවා ටේ ජනේලෙන් දැකපු නිසා ටේට තනියම ගෙයි ඉන්න කොහෙත්ම ඕන උනේ නෑ.





විභාගෙ ඉවර උන හැටියෙ කොල්ලො ටිකත් එක්ක පලවෙනි බස් එකේ නැගපු ජන්කුක් වෙල ගාවින් බැහැලා පුලුවන් ඉක්මනට සුදූ හොයන් යන්න ගියත් එයා නොහිතපු විදිහට ටේ කුඹුරෙ ඉන්නවා දැකපු නිසා ජන්කුක් බිම බලාගෙන එයාගෙ ගමන වෙනස් කරා.





"ආං... අර මොකෑ සුදු බේබි හාමුගෙ මූණ?"





ආදර දේදුන්න |TK|Où les histoires vivent. Découvrez maintenant