"ගිම්හානේ ගිනි දැල්ල ආවත් කමක් නෑ අපට බාධා නොදී.."-සුදු මහත්තයා-
"හේමන්තයේ වැටෙන වැස්සෙන් කමක් නෑ අපට අප සෙවනකී..."
-සුදූ-
__________________________"එහෙනම් කොල්ලො අපි ගියා" ජන්කුක්ව දෙපැත්තෙන් බදාගත්ත ජිමින් හෝසෝක් දෙන්නා එක පාරම කියනකොට ජන්කුක් හිනා වෙලා ඒ දෙන්නාවම එක පාර වැලදගත්තා.
"අපි ආයෙ එන්නම් සුදූගෙ රස කෑමක් කන්න..."
හෝසෝක් ඇස් දෙකත් නටවලා කියනකොට ටේ හිනා වෙලා එයාගෙ ලැජ්ජාවට රතු උන කම්මුල් හංගගෙන බිම බලාගත්තා.
"අනේ ආයෙ නාවට කමක් නෑ... පලයල්ලාකො දැන්..."
හෝසෝක්ගෙ එක වචනෙට ඊරිසියා හිතුන ජන්කුක් හෝසෝක්වයි ජිමින්වයි දෙන්නාවම දොරකඩකින් එහාට තල්ලු කරනකොට සුදු බබාගෙ මේ නැහැදිච්ච හැසිරීම බලන් ඉන්න බැරි තැන ටේ ජන්කුක්ගෙ කමිසෙ කරෙන් අල්ලලා ජන්කුක්ව නැවැත්තුවා.
සුදූ තදින් කමිසෙ අල්ලගෙන හිටපු නිසා බෙල්ලත් හිර වෙලා හිටපු ජන්කුක් විසේ කරන්න බැරුව හරි අසරණ විදිහට මූණ හදාගෙන කටත් බෙරි කරගෙන ඉන්න හැටි දැක්කාම යාළුවො තුන් දෙනාට හොදටම හිනා.
"අපි ගියාම මුට හොද කෝටු පාරක් දෙන්න සුදූ මතක ඇතුව..."
YOU ARE READING
ආදර දේදුන්න |TK|
Fanfiction🖤🤍 කළු සුදු ජීවිතේකට පාට ගෙනාපු පුංචි දඟකාරයා 💔🩹🌈❤️🩹 Top Kook 🔝🐰 Smut warning ⚠️🔞