විසිනවය ❤️‍🩹

670 83 582
                                    

😜😝🤪😝😛___________________________

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

😜😝🤪😝😛
___________________________

නළු බට්ටෙක් වගේ කැම්පස් යන ඉල්නදාරියා නිසා ටේගෙ උදේ වරුවම වගේ වෙන් උනේ අවුස්සලා දාලා ගිය කාමරේ අස් පස් කරන එකට තමයි.





හැඩයිද හැඩයිද අහ අහ කමිස හතරපහක්ම ඇඳ ඇඳ පෙන්නන කොල්ලා ඒ ලස්සන දිහා බලන් ඉන්න සුදූව පිස්සු වට්ටලමයි හැමදාම කැම්පස් ගියෙ. ආයෙත් ඒ හැඬ කොල්ලා හවස ගෙදර එනකල් ඉවසුමක් නැතුවයි ටේ දවස ගෙවුවෙ.





අදත් ඒ වගේ සාමාන්‍ය දවසක් උනා. කාමරේ අස් කර කර හිටපු ටේ සුදු මහත්තයා ඇඳලා දාලා ගිය සරමට ඉව කර කර ඉන්න අතරෙ ගෙදර දොරට කවුරු හරි තට්ටු කරන සද්දයක් ඇහිලා සරමත් ඇද උඩින් තියලා කාමරෙන් එලියට ගියා.





"කවුද?" ටේ ඇහුවෙ දොර අරින ගමන්මයි.





"සුභ දවසක්!" ටේගෙ තරම් වයස ඇති කියලා හිතන්න පුලුවන් ලස්සන රූපයක් තියෙන කෙනෙක් ලස්සන හිනාවක් එක්කම කියද්දි ටේත් ඒ කෙනාට හිනාවකින් සංග්‍රහ කරන්න අමතක කරේ නෑ.





"සුභ දවසක්..." සුහදව හිනා වුනත් ටේ දෙගිඩියාවෙන් වගේ ඒ කෙනා දිහා බලාගෙන හිටියා. ඒ කෙනාගෙ වටිනාකියන ඇඳුම් පැලදුම් නිසා පෙනුන පොහොසත් පෙනුමට ටේ ටිකක් විතර බය උනා කිවුවොත් හරි.




"මං කිම් සෝක්ජින්" ඒ කෙනා කිවුවෙ ජන්කුක්ගෙ බෝඩිම එහා පැත්තෙන් තියෙන තට්ටු දෙකේ ලොකු ගේ පෙන්නන ගමන්.




"අහ්හ්! අනේ සමාවෙන්න... එන්න මහත්තයො ඇතුලට..." බෝඩිම අයිති කෙනාගෙ නම අහලා තිබ්බට දැකලා ඒ කෙනාව අඳුරන්න ටේ දැනගෙන හිටියෙ නෑ. ඒත් ඒ නම ඇහුන හැටියෙම ටේ සම්පූර්ණයෙන්ම දොර ඇරලා සෝක්ජින්ට ඇතුලට ආරාධනා කරා.




ආදර දේදුන්න |TK|Où les histoires vivent. Découvrez maintenant