Comment ගොඩාරියක් ඕනේ.. මං දුකින් ඉන්නෙ 🥺😫💔💔💔💔🥺___________________________
"ඇයි... ඇයි සුදූ එහෙම කරේ? ම්ම්ම්? දැනන් හිටියෙ නැද්ද ඔය හිතට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් ඉන්නවා කියලා..."
ටේට සිහිය ආපු එකට කොච්චර සතුටු උනත් ජන්කුක් ලෙඩ ඇදේ ඉන්න ටේට කතා කරේ ඇස් රතු කරගෙන, දත්මිටි කාගෙනයි. ජන්කුක්ගෙ ඇස් වලින් හෝ ගාලා කඳුළු වැටුනා.
සතුටට වඩා ජන්කුක්ගෙ හිතේ දුක වැඩියි. ටේ නැති වෙයි කියලා ඒ පුංචි හිත බය උන තරම දන්නෙ ජන්කුක් විතරයි.
ජීවිතේට හිටපු හයිය නැති උනාට පස්සෙ එතනින් එහාට ඔලුව කෙලින් කරගන්නවත් බැරුව හිතින් කඩාගෙන වැටුන හැටි දන්නෙ ඒ අහිංසක හිතම විතරයි.
"ද්...දැනන් හ්...හිටියා.... සුදු ම්....මහත්තයෝ.... ඒ ක්..කෙනාට අයිති... වෙන්න තියෙන... ද්...දෙයක්ක්ක්... වෙන කෙනෙක්... බලෙන්... ගන්න... යද්දි... මට බලන් ඉ..ඉන්න බැරි උ...උනා... රත්තරනේ... මොකද ම්....මං ආදරේ ක්...කරන කෙනාට දෙන්න... මා ලග වටින... දේකට තිබුනෙ... එච්චරයී....."
බොදවුන ඇස් වලින් බලාගෙන අමාරුවෙන් වචන ගැට ගහන ගමන් ටේ කියනකොට ජන්කුක් ටේ දිහා නොබලා අහක බලාගත්තා.
ජන්කුක්ගෙ හිත තාම බයයි. පුංචි හරි වැරැද්දක් වෙලා අද එයාට එයාගෙ සුදූව නැති උනානම් කියලා හිතෙනකොට ජන්කුක්ගෙ අතපය පවා තාමත් වෙවුලනවා.
ආවේගෙන් වගේ කඳුළු පිහදාගත්ත ජන්කුක් ටේගෙ ඔලුව දෙපැත්තට අත් දෙක තියලා ටේගෙ මූනට එබෙනකොට ටේ එයාගෙ වෙවුලන තොල් දත් වලින් තද කරලා අල්ලගත්තා. එයාගෙ සුදු බබාට කේන්ති ගිහින් කියලා ටේ දන්නවා.
BẠN ĐANG ĐỌC
ආදර දේදුන්න |TK|
Fanfiction🖤🤍 කළු සුදු ජීවිතේකට පාට ගෙනාපු පුංචි දඟකාරයා 💔🩹🌈❤️🩹 Top Kook 🔝🐰 Smut warning ⚠️🔞