"ටේහ්‍යුන්..?"ඒ කටහඩ ඇහුන හැටියෙම කුඹුරෙ බැහැලා කට්ටිය එක්ක ගොයම් කප කප හිටපු ටේහ්‍යුන් එයා ඉන වටේ ඔතාගෙන හිටපු රෙද්දෙන් අත් දෙක පිහදන ගමන් නියරට ගොඩ උනා.
"පුංචි හාමු මට කතා කරේ?"
ටේ එයාගෙ ඉස්සරහා හරිම තේජවන්ත විදිහට හිටගෙන හිටපු ගමේ අලුත් ආරච්චි මහත්තයා එහෙමත් නැත්තං ජන්කුක්ගෙ අප්පච්චි ඉස්සරහා හරිම යටහත් පහත් විදිහට කොන්දෙන් නැවිලා ඔලුව පහත් කරගෙන හීන් කටහඩකින් කතා කරා.
"ටේහ්‍යුන් උදේ ඉදලා මෙතනද හිටියෙ?"
පුංචි හාමු අහනකොට ටේ ඔලුව උස්සලා පුංචි හාමු දිහා බැලුවා. ඒත් ඒ හැඩිදැඩි පෙනුමට ටේ තාමත් බයයි. ඒ නිසාම ටේ ආයෙත් බිම බලාගත්තා.
"ඔව් පුංචි හාමු... මං පාන්දර හතරටත් කලින් මයෙ හිතේ මෙහෙ ආවෙ..."
පුංචි හාමු සද්දය්ක් නැති නිසා ටේ ඔලුව උස්සලා බලනකොට පුංචි හාමු ලොකු කල්පනාවක ඉන්නවා දැකපු ටේ අයෙත් බිම බලාගත්තා.
"ඇයි පුංචි හාමු? මගෙන් මොකක් හරි වැරැද්දක්වත් උනාද?"
ටේට ඒක අහන්න ඕන්නති උනත් ටේගෙ දිව ඉස්සර උනා. පුංචි හාමු උත්තර දෙනකන් ටේ ඇස් තද කරලා පියාගෙන බිම බලාගත්තා.
"අපේ කොල්ලා අද ඉස්කෝලෙන් කට්ටි පැනලා..."
"මේ අපේ සුදු බේබි හාමු?"
ටේ පුදුමෙන් ඇස් දෙකත් ලොකු කරගෙන අහනකොට අත් දෙකත් පිටිපස්සට තියාගෙන, පපුවට ඉස්සරහට දාගෙන දාගෙන හිටගෙන හිටපු පුංචි හාමු ඔව් කියලා ඔලුව වැනුවා.
ජන්කුක් ඒ වගේ වැඩක් කරා කිවුවාම ටේට පුදුමයි. ඊට වඩ දුකයි කේන්තියි. ජන්කුක් කරන ඔය වගේ රස්තියාදු වැඩ වලට ටේ පොඩ්ඩක්වත් කැමති නෑ.
ŞİMDİ OKUDUĞUN
ආදර දේදුන්න |TK|
Hayran Kurgu🖤🤍 කළු සුදු ජීවිතේකට පාට ගෙනාපු පුංචි දඟකාරයා 💔🩹🌈❤️🩹 Top Kook 🔝🐰 Smut warning ⚠️🔞