"අරූ මගෙන් කනවා ළඟදිම!" ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර යන්න කෝච්චි ස්ටේශන් එකට ඇවිදගෙන යන අතරේ නිසල් කිව්වේ පාරේ අයිනේ තිබුන ගලකට පයින් ගහන ගමන්.
"...මෙච්චර මේ වැඩ අස්සේ, උඹටත් ඕනේ කා එක්ක හරි එල්ලෙන්න නේහ්?" නිසල් පයින් ගහපු ගල් කැටේ ඈතට විසික් වෙලා යනවා බලාගෙන හිටපු කළණ ලොකු හුස්මක් අත ඇරලා එහෙම කිව්වා.
"ඒක තමා මාත් කියන්නේ! මෙච්චර වැඩ අස්සේ අරූ උඹෙන් පස්සේ එන්නේ මොකටද කියහංකෝ!" තනි අණ්ඩෙන් එල්ලගෙන උන්නු බෑග් එක උස්සලා හදාගන්න ගමන් නිසල් කළණගේ කරට අත දාගත්තේ තමන්ගේ යාලුවව ළඟට ඇදලා ගන්න ගමන්.
"...මං දන්නේ කොහොමද?" කලණ එහෙම කිව්වත් එයාගේ හිත දන්නවා වෙලා තියෙන්නේ මොකද්ද කියලා.
"මට ශුවර්, අර ලියුම් ලියන්නෙත් ඕකම තමා කලණයා. ඌ ඇරෙන්න අච්චර පත ඉංග්‍රීසි හෑලි දාලා ලියුම් ලියන්න පුලුවන් එකක් නෑ මං දන්න තරමින්. ඩියර් රෙඩ් රෝස්! පුහ්!! ඕවා හොඳයි අර ගම්පහ ස්ටේශන් එක ගාව කඩල විකුණන අයියට කඩල ඔතන්න දෙන්න. මෙලෝ රහක් නෑ!" නිසල් නොදන්නවා උනාට එයාගේ කටහඬ පුරාවට තිබුනේ හීන් ඉරිසියාවක්.
"...ඌ පව් නිසල්. පාඩුවේ ඉන්න කොල්ලෙක් ඒකා." කවදත් නිවිච්ච කතා බහක් තියන කලණ එහෙම කියද්දී නිසල් කලණව අත ඇරියා.
"ආ පව්ද?! ඕනේ එකක් කරගනින් එහෙනම්!" කලණටත් රවලා නිසල් අඩිය ඉක්මන් කරලා ගිහින් එයාලගේ ඉස්සරහින් ඇවිදගෙන ගියපු යාලුවෝ කල්ලියට එකතු උනා.
නිසල් තව යාලුවෙක්ගේ කරට අත දාගෙන ඇවිදගෙන යන දිහා බලාගෙන ඒ පිටිපස්සෙන් ඇවිදගෙන ආපු කලණ හිටියේ වෙන ලෝකෙක අතරමං වෙලා..
නිසල් ආදිත්‍ය..
අනිත් හැමෝටම ආදිත්‍ය වෙච්ච ඒ කොල්ලා, නිසල් උනේ කලණට විතරයි.. හය වසරෙන්.. නෑ ඊටත් පොඩි වයසේ ඉදන් එකටම උන්නු යාලුවට එයා ආදරේ කරන්න පටන් ගත්තේ කවදා ඉදන්ද කියන එක කලණට අදටත් උත්තර නැති ප්‍රශ්නයක්.. උ/පෙ විභාගේ අත ළඟ තියාගෙන, ටික දවසකින් සමුදෙන්න වෙන මේ ඉස්කෝලේ කියන්නේ කලණට එයාගේ ඒක පාර්ශ්වික ආදරේ මතක ගබඩාවක්. කවදා, කොහොම පටන් ගත්තද කියලා නොදන්න ඒ ආදරේට කලණ සෑහෙන ලෝබකම් කරා.
YOU ARE READING
Iris (අයිරිස්)
Romanceඅපේ හිත නතර වෙන්නේ අපිට දැනෙන තැන කියලා කිව්වට, හිත ගිය තැන මාළිගාව කියලා කිව්වට, ඒක පාර්ශ්වික ආදරයක් කියන්නේ කඩන් වැටෙනවා කියලා දැන දැනම අහස් මාළිගා හදනවා වගේ වැඩක්. දවසක තමන්ගේ වේවි කියලා පුංචි බලාපොරොත්තුවක් එක්ක අහස උසට හීන ගොඩගැහුවට මොකද, ඒ ආදර...