"මං මෙයාව දාලා එන්නම් බං.." කලණ කිව්වේ වෙලාව රෑ අටට ලං වෙද්දී.
"ගිහින් වරෙන් එහෙනම්.." නිසල් එහෙම කියලා කලණගේ උරිස්සසට තට්ටුවක් දැම්මා.
"සූකිරි, යමු අපි.." කලණ එහෙම කියලා පුටුවෙන් නැගිට්ටේ අයෝධ්‍යගේ ඔලුව අත ගාලා.
තුන් දෙනත් එක්ක නිල නිවාසෙන් එළියට ඇවිත්, කලණගේ වාහනේ ගාවට ආවට පස්සේ නිසල් අයෝධ්‍යගේ කරට අත දාගෙන පොඩි කොල්ලගේ කොණ්ඩේ ඇවිස්සුවා.
"ආයේ හම්බෙමුකෝ අපි.. වෙලාවක එහෙ ඇවිල්ලා යන්න එන්න මූත් එක්ක.. එහෙත් මරු තැන් තියනවා ඇවිදින්න.." නිසල් එහෙම කියලා අයෝධ්‍යව අත ඇරියේ කොල්ලගේ කොණ්ඩේ කපුටු කූඩයක් වගේ අවුස්සලා.
"චූටි මැනිකව බලන්න ආසාවේ ඉන්නේ මෙයා.." කලණ එහෙම කිව්වේ වාහනේ ලොක් එක අරින ගමන්.
"එහෙනම් අනිවා එන්න ඕනේ ඈ! අපි බලන් ඉන්නවා ඔන්න!" නිසල් කිව්වේ හරි උද්‍යෝගිමත් හඬකින්.
"අනිවාරෙන් එන්නම්.." අයෝධ්‍ය නිසල්ගේ ආරාධනාව පිළිගත්තේ ලොකු සතුටකින්.
"නගින්න සූකිරි.." වාහනේ දොර ඇරපු කලණ එහෙම කිව්වා.
"ගිහින් එන්නම් අයියේ.." වාහනේට නගින්න කලින් අයෝධ්‍ය නිසල්ට සමුදුන්නේ ඒ විදිහට.
"පරිස්සමෙන් කොල්ලා.." නිසල් ආයෙම පාරක් අයෝධ්‍යගේ කොණ්ඩේ අවුස්සලා කිව්වා.
කලණගේ වාහනේ ගේට්ටුවෙන් එළියට යනකම් උන්නු නිසල් ආපහු නිල නිවසේ පැත්තට ආවා. ඇතුලට යන්න හදනකොට, හිතට ආපු හදිසි සිතිවිල්ලක් නිසා දොරකඩින් වාඩි වෙච්ච නිසල්, අහස දිහා බලලා ලොකු හුස්මක් අත ඇරියා.
නිසල්ගේ මතකය අවුරුදු ගානක් ආපස්සට යද්දී, එයාගේ මූණට ආවේ සැනසිලිදායක හිනාවක්..
ඉස්කෝලේ යන කාලේදි, යාලුකමට එහා ගියපු, ආදරේට මෙහා නැවතිච්ච, කලණගෙයි එයාගෙයි බැඳීමට නිසල් සෑහෙන ලෝභකම් කරා.. ඒක ආදරයක්ද කියලා නිසල් හිතපු වාර අනන්තයි.. ඒත් කාලයත් එක්ක නිසල් තේරුම් ගත්තා, ඒ ආදරේ නෙවෙයි කියලා. ඒ බැඳීමට දෙන්න නමක් හිතාගන්න නිසල්ට බැරි උනා. කලණගේ ජිවීතේට තව කෙනෙක් ළං වෙන්න යද්දි, නිසල්ට ඉරිසියා හිතුනේ ඒ නමක් නොදන්න බැඳීම නිසා. නිසල්ගේ ජිවිතේ කලණට දීලා තිබුණේ වෙන කිසිම කෙනෙක්ට ළං වෙන්න පුලුවන් තැනක් නෙවෙයි. ඒක සඳනි උනත් දන්නවා..
YOU ARE READING
Iris (අයිරිස්)
Romanceඅපේ හිත නතර වෙන්නේ අපිට දැනෙන තැන කියලා කිව්වට, හිත ගිය තැන මාළිගාව කියලා කිව්වට, ඒක පාර්ශ්වික ආදරයක් කියන්නේ කඩන් වැටෙනවා කියලා දැන දැනම අහස් මාළිගා හදනවා වගේ වැඩක්. දවසක තමන්ගේ වේවි කියලා පුංචි බලාපොරොත්තුවක් එක්ක අහස උසට හීන ගොඩගැහුවට මොකද, ඒ ආදර...