ආයේ පරක්කු වෙන්නේ නෑ කිව්වට, පහුවදත් අයෝධ්‍යට නැගිටින්න පරක්කු උනා.. කලණගේ නෝක්කාඩු මැද්දේ පොඩි කොල්ලා බස් එක අල්ලන්න දිව්වේ හති දාගෙන. අදත් ආරණ්යව මුණ ගැහුන නිසා එයත් එක්ක කතා කර කරම කැම්පස් එකට එද්දි කලණ ගේට්ටුව ගාව ඉන්නවා අත් දෙකත් බැඳගෙන.
"අයියේ, ගුඩ් මෝර්නින්!" ආරණ්‍ය එයාගේ ලස්සන හිනාව එක්ක කලණට කතා කරද්දි කලණ යන්තම් හිනා වෙලා 'ගුඩ් මෝර්නින්' කියලා කිව්වා.
"අයෝධ්‍ය, යන්න ලෙක්චර් එකට. පරක්කුයි දැනටමත්." කලණ ටිකක් සැර විදිහට කියද්දී අයෝධ්‍ය එයාගේ අනුකම්පාව ගන්න වගේ ඇස් දෙකත් ලොකු කරන් කලණ දිහා බැලුවා.
'කපටිකම..' කලණ හිත යටින් අයෝධ්‍යට දොස් කිව්වත්, පොඩි කොල්ලා බලන් ඉන්න විදිහ දැක්කම සද්දෙන් කතා කරන්නවත් හිතෙන්නේ නෑ කලණට.
"මාත් යන්නම් අයියේ එහෙනම්. අවිහාන්, මං යනවෝ!" ආරණ්‍ය එහෙම කියලා පුරුදු විදිහට අයෝධ්යගේ උරිස්සට තට්ටුවක් දාගෙන යන්න ගියා.
"පස්සේ අල්ලගන්නම් මං.. දැන් ලෙක්චර් එකට යන්න." කලණ අයෝධ්‍යට හීනියට ටොක්කක් ඇනලා කියද්දී අයෝධ්‍ය හිනා උනා.
පොඩි කොල්ලා යන දිහා බලාගෙන හිටපු කලණ වෛද්‍ය පීඨය පැත්තට ඇවිදගෙන ගියා. ඒ යන අතරමගදී කලණගේ දුරකථනය නාද වෙද්දී එයා බැලුවේ කවුද කතා කරන්නේ කියලා.
දවස් ගානක් තිස්සේ මග ඇරපු ඇමතුම දකිද්දී කලණ ලොකු හුස්මක් අත ඇරියා. දුරකථනය ඔහේ කෑගහද්දී, කලණ ඇමතුමට සම්බන්ධ නොවී ඉන්න තීරණය කරා. කලණගේ අම්මා නොනවත්වා ඇමතුම් ගන්නකොට දුරකථනය නිහඬ කරපු කලණ, දේශන ශාලාවට ගියේ එයාගේ වැඩ පටන් ගන්න.
කලණට උදේ වරුවෙම ලෙක්චර්ස් තිබුණා. පුහුණුවීමකට ගිය කතිකාචාර්යවරයා තාමත් ඇවිත් නැති නිසා, ඒ වැඩත් පැටවිලා තිබුණේ කොල්ලට. පැය හතරක් එක දිගට කතා කරපු කලණ විවේකාගාරය දිහාවට ගියේ පොඩි විවේකයක් ගන්න. අයෝධ්‍ය මේ වෙලාවට කෑම කනවා.. පොඩි කොල්ලට කෙටි පණිවිඩයක් දාන්න හිතපු කලණ දුරකථනය අතට ගත්තා.
ඒ වෙලේ තමයි කලණ දැක්කේ අම්මා එවලා තිබුණ කෙටි පණිවිඩය..
You better come home, right now!
YOU ARE READING
Iris (අයිරිස්)
Romanceඅපේ හිත නතර වෙන්නේ අපිට දැනෙන තැන කියලා කිව්වට, හිත ගිය තැන මාළිගාව කියලා කිව්වට, ඒක පාර්ශ්වික ආදරයක් කියන්නේ කඩන් වැටෙනවා කියලා දැන දැනම අහස් මාළිගා හදනවා වගේ වැඩක්. දවසක තමන්ගේ වේවි කියලා පුංචි බලාපොරොත්තුවක් එක්ක අහස උසට හීන ගොඩගැහුවට මොකද, ඒ ආදර...