07

225 33 9
                                    

කලණගේ හිතේ නිසල් ගැන තියන හැඟීම් ගැන කවිත්ම දැනගත්තේ අහම්බෙන්. එදා කලණගේ නිල නිවාසේ අස් පස් කරගන්න උදව් කරන්න ගියපු අභිසෙස්ට කලණගෙයි නිසල්ගෙයි රාමු කරපු පිංතූරෙක පිටිපස්සේ ලියලා තිබුණු පොඩි පාපොච්චාරණය නිසා ඒ දෙන්නා දැනගත්තා එයාලගේ කලණ අයියට නිසල් ගැන තියෙන්නේ සහෝදර හැඟීමක් නෙවෙයි කියලා. ඕක දැනගත්තේ මොහොතේ ඉඳන්, කවිත්මට ඕනේ උනේ කලණට ගැළෙපෙන කෙනෙක්ව ජෝඩු කරවන්න. ඒ ගැළපෙන කෙනා විදිහට කවිත්ම දැක්කේ අයෝධ්‍යව. ඒකට එක හේතුවක් උනේ අයෝධ්‍යගේ ගතිගුණ. නිහතමානී, අනිත් අය ගැන හරි සැලකිලිමත් විදිහට විදිහට වැඩ කරන, තමන්ගේ පාඩුවේ ඉන්න කොල්ලෙක් වෙච්ච අයෝධ්‍ය තරම් කලණට සුදුසු කෙනෙක් කවිත්මට මතක් උනේ නෑ. අනිත් හේතුව උනේ, අයෝධ්‍යත් ඉන්නේ ලොකු තනිකමක වෙච්ච එක..

අයෝධ්‍ය එයාගේ පවුල ගැන කියලා තියන එකම කෙනා කවිත්ම විතරයි. ඉස්කෝලේ යාලුවෝවත් අයෝධ්‍යගේ ජිවිතේ ගැන හරි විස්තරයක් දැනන් උන්නේ නෑ. ඒත් කවිත්ම එක්ක ඒ දේවල් කියන්න එයාට හිතුනේ කවිත්ම ඉස්සරහා එයාට දැනුන සැහැල්ලුව නිසාම වෙන්න ඇති. ඉතින් කවිත්ම දන්නවා අයෝධ්‍ය මොන වගේ ජීවිතයක්ද ගෙවන්නේ කියලා.. ඒකමයි එයා හිතුවේ කලණ අයියට ගැළපෙනම කෙනා අයෝධ්‍ය කියලා..

කවිත්ම එයාගේ අභිසෙස් එක්ක පටන් ගත්තා මෙහෙයුමක්.. ඒක තමයි කලණගේ ජීවිතේට අයෝධ්‍යව අරන් එන එක වගේම ඒ දෙන්නා අතර සමීප බැඳීමක් හදන එක. අයෝධ්‍ය, කොච්චර එයාගේ හැඟීම් හංගන්න හැදුවත්, කවිත්මටයි අභිසෙස්ටයි ඒ ගැන පොඩි ඉවක් තිබුණා. ඒ, අයෝධ්‍ය කලණ දිහා බලන විදිහ නිසා.. අයෝධ්‍යගේ හිතේ කලණ ගැන තියෙන්නේ මොන වගේ හැඟීමක්ද කියලා ඒ දෙන්නට ටිකක් තේරිලා තිබුණා.

හැම ඉරිදා දවසකම අයෝධ්‍ය දළදා මාළිගාවේ එනවා කියන්න කවිත්ම දන්න නිසා, අවුරුද්ද ඉවර වෙලා ආපහු පේරාදෙණියට එන ගමනෙදී කවිත්ම කලණට අදහස දැම්මා දළදා මාළිගාවෙත් ගිහින්ම යමුයි කියලා. වෙනදට නුවර යන්න අකමැති උන කලණ, කවිත්මගේ අදහසට මෙදා පාර නම් කැමති උනේ එක පාරින්මයි.

තුන් දෙනත් එක්ක දළදා හාමුදුරුවන්ට මල් පූජා කරලා පල්ලෙහාට එද්දිත් අයෝධ්‍යව පේන්න හිටියේ නැති නිසා, කවිත්ම එයාට කෙටි පණිවිඩයක් දාලා බැලුවා. ඒත් පිළිතුරක් ලැබුණේ නැති නිසා කවිත්ම ඒ ගැන අභිසෙස් එක්ක කතා කර කර හිටියේ අද අයෝධ්‍ය දළදා මාළිගාවේ ආවේ නැතිදෝ කියලා හිතන ගමන්.

Iris (අයිරිස්)Where stories live. Discover now