කිරිකෝපි දාපු කොප්පේ කලණ අතට දෙන ගමන් ඒ ඇස් දිහා බලපු අයෝධ්ය ගැස්සිලා ගියේ කලණ එයා දිහා බලන් ඉන්නවා කියලා දැක්ක නිසා. පොඩි කොල්ලගේ කම්මුල් රෝස පාට වෙන දිහා බලාගෙන කිරිකෝපි කෝප්පේ අයෝධ්ය අතින් ගත්තු කලණ එයා එක්ක හිනා උනා.
"තැන්ක් යූ සූකිරි.." හිනාවත් එක්කම කලණ එහෙම කියද්දී අයෝධ්ය කිරිකෝපි හදපු භාජන ටික සින්ක් එකට දාලා හෝදන්න පටන් ගත්තේ ඔලුව වනලා ඒ ස්තූතිය පිළිගත්තට පස්සේ.
"ඔයාට කෝ..?" අයෝධ්ය දීපු කිරි කෝපි කෝප්පෙන් උගුරක් බීලා කලණ එහෙම ඇහුවේ පොඩි කොල්ලා එයාට කිරිකෝපි හදාගෙන නෑ නේද කියලා දකිනකොට.
"...මං පස්සේ බොන්නම්.." අයෝධ්ය ඔලුව උස්සන්නැතුවම උත්තර දුන්නා.
"මේක මාර රහයි ඈ.. ඔයත් බීලා බලන්නකෝ පොඩ්ඩක්." කලණ එහෙම කියලා අයෝධ්යගේ කට ගාවට කෝප්පේ ලං කරේ අයෝධ්ය ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉද්දී.
"කෝ ඉතින්..උගුරක් බීලා බලන්න.." කලණ ආයෙම එහෙම කිව්වේ අයෝධ්යගෙන් කිසිම ප්රතිචාරයක් නැති තැන.
කලණ එයාගේ කට ගාවට ලං කරලා තිබුණ කොප්පේ දිහා බලපු අයෝධ්ය දැක්කේ කලණ කිරිකෝපි උගුර බීපු පාර කෝප්පේ කට ගාව රැඳිලා තිබුණ කිරිකෝපි චුට්ට.. යටපත් කරගන්න බැරි වෙච්ච ආසව නිසාම එතනින්ම කට තියලා අයෝධ්ය කිරිකෝපි උගුරක් බිව්වේ කලණ ලා හිනාවකුත් එක්ක කොල්ලා දිහා බලාගෙන ඉද්දී.
ඇත්තටම වෙනදට වඩා කිරිකෝපි එක රසයිද මන්දා කියලා අයෝධ්යට හිතුනා..
පොඩි කොල්ලා භාජන ටික සෝදන අතරේ කලණ තව කිරිකෝපි උගුරක් බිව්වා. අයෝධ්ය අතේ තිබුණ වතුර පිහදාගත්තට පස්සේ කොල්ලා ගාවට ගියපු කලණ ආයෙම පාරක් කෝප්පේ අයෝධ්යගේ කට ගාවට ලං කරා.
"...අයියටනේ හැදුවේ.." අයෝධ්ය කලණ දිහා බලලා එහෙම කිව්වා.
"දෙන්නම බොමු ඉතින්.." කලණ එහෙම කියලා කුස්සියේ බැම්මට හේත්තු වෙලා කෝප්පේ තව ටිකක් අයෝධ්යට කට ගාවට ලං කරන ගමන්.
"ඒත්.."
"කෝ තව උගුරක් බොන්න.." කලණ එහෙම කියද්දී අයෝධ්ය තව කිරිකෝපි උගුරක් බිව්වා.
YOU ARE READING
Iris (අයිරිස්)
Romanceඅපේ හිත නතර වෙන්නේ අපිට දැනෙන තැන කියලා කිව්වට, හිත ගිය තැන මාළිගාව කියලා කිව්වට, ඒක පාර්ශ්වික ආදරයක් කියන්නේ කඩන් වැටෙනවා කියලා දැන දැනම අහස් මාළිගා හදනවා වගේ වැඩක්. දවසක තමන්ගේ වේවි කියලා පුංචි බලාපොරොත්තුවක් එක්ක අහස උසට හීන ගොඩගැහුවට මොකද, ඒ ආදර...