17

200 39 5
                                    

දෙන්නත් එක්ක දවල්ට කෑමත් කාලම කලණ අයෝධ්‍යව උඩමැඳුර වලව්වට එක්කන් ආවා. ගේට්ටුව ඉස්සරහ වාහනේ නතර කරලා තප්පර ගාණක් ගියත් අයෝධ්‍යට වාහෙනෙන් බහින්න වගක් නෑ. ඒ වගේම කලණට පොඩි කොල්ලට යන්න දෙන්න හිතකුත් නෑ.

"අයියේ.."

"සූකිරි.."

දෙන්නම කතා කරේ එකට.

"ඔයා කියන්න.." කලණ හිනාවක් එක්කම කිව්වා.

"තේ එකක් බීලා යමු..?" අයෝධ්‍ය කලණ දිහා බලලා ලැජ්ජාවෙන් අහද්දී කලණ හරි සතුටින් ඔලුව වනලා ඒ ආරාධානාව පිළිගත්තා.

සමන් මාමා ගේට්ටුව ඇරියට පස්සේ කලණ වාහනේ වලව්වේ මිදුලේ අයිනක නතර කරා. දෙන්නත් එක්ක වාහනෙන් බැහැලා  වලව්ව ඇතුලට යද්දී කුසුම් නැන්දා කුස්සියේ ඉඳන් සාලේ දිහාවට ආවා.

"මං හිතුවා රෑ වෙයි කියලා මහත්තයා එන්න. තේ එකක් බොනවද මහත්තයෝ?" කුසුම් නැන්දා හිනාවක් එක්ක ඇහුවා.

"මං හදන්නම් නැන්දේ.." කලණට එයාගේ අතින්ම තේ එකක් හදලා දෙන්න ඕනේ කියලා හිතුණ නිසා අයෝධ්‍ය කුසුම් නැන්දට එහෙම කිව්වා.

අයෝධ්‍ය සමහර වෙලාවට තනියම තේ හදාගන්නවා. ඒක කුසුම් නැන්දට අලුත් දෙයක් නෙවෙයි..

"වතුර උණු කරලා දාලා තියෙන්නේ මහත්තයෝ. මං එහෙනම් සාලේ දිහාව අතු පතු ගාලා දාන්නම් ගිහින්." කුසුම් නැන්දා කියද්දී අයෝධ්‍ය ඔලුව වැනුවා.

කුසුම් නැන්දා උඩමැඳුර වලව්වට ආවේ කෑම පිළියෙළ කරන්න විතරක් උනත්, තනි පංගලමේ ඉන්න අයෝධ්‍ය වෙනුවෙන් වලව්ව අතු ගාලා අස්පස් කරන්නත් එයා අමතක කරේ නෑ..

කුසුම් නැන්දා කලණ එක්කත් හිනා වෙලා කොස්ස අරන් එන්න යද්දී අයෝධ්‍ය කලණට වාඩි වෙන්න කියලා කුස්සියට ගියා. ඒත් පොඩි කොල්ලා කියන දේ ඇහුනේ නෑ වගේ කලණ කාන්දම වගේ අයෝධ්‍ය පස්සෙන්ම කුස්සියට ආවා.

"අයියා මොනාද බොන්නේ? උදෙත් කෝපි බිව්ව නිසා තේ හදන්නම්..?" අයෝධ්‍ය කලණ දිහා හැරිලා අහද්දි එයා අයෝධ්‍ය ගාවට ඇවිත් කුස්සියේ බැම්මට හේත්තු උනා.

"කෝපි නම් කොච්චර බිව්වත් මොකෝ.." කලණ කියද්දී අයෝධ්‍ය ඒකට විරුද්ධයි වගේ ඔලුව වැනුවා.

Iris (අයිරිස්)Where stories live. Discover now