අයෝධ්ය රෑට කෑමත් කාලා වලව්වේ මිදුලට ආවේ දවස් දෙකක් තිස්සේ කියවන්න අතපසු වෙච්ච පොතත් අරගෙන. එළියේ ගල් බංකුවේ වාඩි වෙලා සීතල හුළඟ විඳින ගමන් එයා පොතට අවධානය යොමු කරා. අයෝධ්ය මේ ගල් බංකුවේ වාඩි වෙලා ඉන්න වෙලාවට, සමන් මාමා ගේට්ටුව ඇරලා තියනවා පුරුද්දක් විදිහට. එයා දන්නවා උඩමැඳුර වලව්වට පාරෙන් එහා පැත්තේ තියන වෙල් යාය දිහා බලන් ඉන්න අයෝධ්ය හරි කැමතියි කියලා..
පිටු දහයක් විතර පොතට අවධානය දීපු අයෝධ්ය, එයා කලණට දීපු තෑග්ග ගැන හිතුවේ එයා ඒකට කැමති උනාද නැද්ද කියලා දැනගන්න විදිහක් නොතිබුණ නිසා. කලණ දැනට පළදින අත් ඔරලෝසුවත් Rolex වර්ගයේ එකක් කියන්න අයෝධ්ය දන්නවා. හැබැයි ඒක එයා දුන්න අත් ඔරලෝසුවට වඩා වෙනස්.. ඉතින් අයෝධ්යට හිතාගන්න බෑ කලණ කැමති වෙයිද නැද්ද කියලා..
අයෝධ්ය කල්පනාවේ ඉන්න අතරේ ඇරලා තිබුණ ගේට්ටුව ඉස්සරහා වාහනයක් නතර කරද්දී අයෝධ්ය ඔලුව උස්සලා බැලුවා. ළඟපාතම උන්නු සමන් මාමත් ගේට්ටුව පැත්තට යද්දි තමයි අයෝධ්ය දැක්කේ ඒක කලණගේ වාහනේ කියලා. ඊළඟ තප්පරේම පොත වහලා දාපු අයෝධ්ය ගල් බංකුවෙන් නැගිටලා ගේට්ටුව පැත්තට ගියේ අඩිය ඉක්මන් කරලා.
"අයෝධ්ය ගෙදර ඉන්නවද මාමේ?" කලණ සමන් මාමගෙන් අහනවා එයාට ඇහුනා.
"අයියේ!" අයෝධ්ය කලණට කතා කරන ගමන් ඒ දෙන්නා ගාවට ගියා.
"මාමේ මේ මං දන්න අයියා කෙනෙක්." සමන් මාමට කලණ ගැන කිව්වම තමයි සමන් මාමා ඔලුව වනලා ආපහු වලව්ව දිහාවට ගියේ.
"ඔයා මෙහෙ..?" අයෝධ්ය කලණගෙන් ඇහුවේ මේ වෙලාවේ කලණ උඩමැඳුර වලව්වට ආපු හේතුව හිතාගන්න බැරුව.
"එළියට වෙලා මොනාද කරන්නේ අයෝධ්ය?" කලණ එහෙම ඇහුවේ ටිකක් සැර විදිහට.
එයා තාමත් ඉන්නේ හවස වෙච්ච සිද්ධියට නොරිස්සුමෙන්.
"...පොතක් කියවන්න එළියට ආවා.." අයෝධ්ය උත්තර දුන්නේ කලණ වාහනේට හේත්තු වෙලා අත් දෙක බැඳගන්නකොට.
"දහයටත් කිට්ටුයි. ඒ මදිවට ගේට් එකත් ඇරලා. ඔයාගේ පරිස්සම ගැන මීට වඩා හිතන්න අයෝධ්ය." කලණ එහෙම කිව්වේ අයෝධ්යගේ ඇස් දිහා බලාගෙන.
YOU ARE READING
Iris (අයිරිස්)
Romantiekඅපේ හිත නතර වෙන්නේ අපිට දැනෙන තැන කියලා කිව්වට, හිත ගිය තැන මාළිගාව කියලා කිව්වට, ඒක පාර්ශ්වික ආදරයක් කියන්නේ කඩන් වැටෙනවා කියලා දැන දැනම අහස් මාළිගා හදනවා වගේ වැඩක්. දවසක තමන්ගේ වේවි කියලා පුංචි බලාපොරොත්තුවක් එක්ක අහස උසට හීන ගොඩගැහුවට මොකද, ඒ ආදර...