16

209 40 19
                                    

"හැබැයි ඉතින් මං නාකියි.." ක‍ඳුලු පුරවන් ඉන්න අයෝධ්‍යගේ ඔලුව අතගාන අතරේ කලණ එහෙම කිව්වේ කොල්ලගේ මූණට හිනාවක් ගේන්න හිතාගෙන.

ඒත් උනේ ඒකේ අනිත් පැත්ත. අයෝධ්‍ය කලණ දිහා බැලුවේ නෝක්කාඩුව පිරිච්ච බැල්මකින්.

"ඔයා නාකි නෑ!" කවිත්මට සැර දානවා වගේ කලණටත් සැර දාලා කියද්දි කලණ අයෝධ්‍යගේ නහය මිරිකුවා.

"ඇත්තට? චූටි නම් කොච්චරවත් විහිලු කරනවා මං නාකියි නාකියි කියලා.."

"ඌට පිස්සුනේ. ඔයා නාකි නෑ.." අයෝධ්‍ය නහයත් උඩට ඇද ඇද කිව්වා.

"නැත්තේ කොහෙද ළමයෝ.. මට දැන් තිස්-"

"ඔයා නාකි නෑ, කිව්වම අහන්න අයියේ!" අයෝධ්‍ය කිව්වේ මූණත් ඇද කරන්.

"...සූකිරි කියනවා නම් මං නාකි නැතුව ඇති එහෙනම්.." කලණ කිව්වේ හිනා වෙවී.

ඒකට නම් අයෝධ්‍යටත් හිනා ගියා.

"හුරතලේ.." කලණ එහෙම කියලා අයෝධ්‍යගේ කොණ්ඩේ ඇවිස්සුවා.

කලණ එයාට ආදරේ කරනවා කියන හැඟීමට අයෝධ්‍ය හරි ආසවුනා.. ඊයේ වෙනකම්ම කලණගෙන් හදවතින් ආපහු ආදරයක් බලාපොරොත්තු නොවුනත්, දැන් දැන් අයෝධ්‍යට ඒ හැඟීම ගැන හරි ලෝභ හිතුනා..

"අයියේ.."

"ම්ම්ම්..?"

"ඔයා ඇත්තටම මට ආදරෙයිද?" කන් දෙකත් රතු කරන් අයෝධ්‍යගේ කලණගෙන් අහද්දී එයා ලස්සනට හිනාවුනා.

"ඇත්තටම ආදරෙයි.." කලණ හිනා වෙලාම කියද්දි අයෝධ්‍ය ඒ හිනාව දිහා බලන් හිටියේ හරි ලෝභකමින්.

'මගේ යශ්..'

අයෝධ්‍ය හිතින් කලණට කතා කරා..

"තැන්ක් යූ.. මට ආදරේ කරනවට.. ඇත්තටම මට ඒක විශ්වාස කරන්න අමාරුයි යශ්.." නොහිතාම අයෝධ්‍යගේ කටින් ඒ ආදරණීය ආමන්ත්‍රණය එළියට ආවා.

අයෝධ්‍ය එයාට දීපු නමට කලණ ඒ තප්පරේම ආසවුනා..

"යශ්..? මං කැමතියි ඒ නමට.." කලණ කිව්වේ අයෝධ්‍යගේ ඇස් වලට එබෙන ගමන්.

මෙච්චර දවසක් එයා කලණට හිතෙන් ආමන්ත්‍රණය කරපු නම එළිපිට කියවෙද්දී කොල්ලට පොළව පලාගෙන යන්න හිතුනා.

Iris (අයිරිස්)Where stories live. Discover now