02

260 39 22
                                    

කාලයක් තිස්සේ ලස්සන ෆැන්ටසියක ජීවත් වෙච්ච කළණට, රියැලිටියට වරෙන් කියලා දෛවය විසින් පළවෙනි අතුල් පාර ගැහුවේ නිසල්ගේ ගේ පළවෙනි ආදරෙත් එක්ක..

උ/පෙ ඉවර කරලා, වෙනසකටත් එක්ක කියලා ඉස්කෝලේ යාලුවෝ කල්ලියත් එක්ක නුවර ගියපු ගමන තමයි කළණට එයාගේ ඒක පාර්ශ්වික ආදරේ කොච්චර වේදනාවක්ද කියල එක හරියටම තේරුම් කරලා දුන්නේ.

වැව රවුම දිගේ, තමන් ආදරේ කරන ගෑණු ළමයත් එක්ක අත් අල්ලගෙන ඇවිදගෙන යන නිසල් දිහා බලපු කළණගේ ඇස් වලට කඳුලු පිරිලා ඒ කඳුලු අස්සෙම නිසල්ගේ රූපේ බොඳ වෙලා ගියේ දරාගන්න බැරි වේදනාවක් එක්ක.. එදා තමයි කළණ තේරුම් ගත්තේ, ඒක පාර්ශ්වික ආදරේ නිසා දැනෙන වේදනාව තමන් හිතුවට වඩා භයානකයි කියලා..

'නුවර හැමෝටම ආදරණීය නෑ..'

...

උ/පෙ විභාගෙන් ඉහළම ප්‍රතිපලයක් අරගත්ත කළණ ජ'පුර වෛද්‍ය පීඨයට තේරෙද්දී, නිසල් පෞද්ගලික සරසවියක ව්‍යාපාර කළමනාකරණ උපාධියක් තෝරගත්තේ ඒ ක්ෂේත්‍රයට තිබුණ ආසවයි, තමන්ට අනාගතේ භාරගන්න වෙන පවුල් ව්‍යාපාරයට සූදානමක් ලබන්නයි ඕනේ උන නිසා. ඔය අතරේ නිසල්ට එයාගේ පළවෙනි ආදරේට සමුදෙන්න උනේ එයා ආදරේ කරපු ගෑණු ළමයගේ දෙමව්පියෝ නිසල්ට පෙන්නපු නොකැමැත්ත නිසා.

'අපේ දරුවා කවදා හරි කසාද බඳින්න ඕනේ අපේ ආගමේ කෙනෙක්..'

ගෑණු ළමයගේ අම්මට කියන්න තිබුණ හේතුව ඕන්න ඕකයි.. ඉතින් නිසල් තීරණය කරා එයාගේ පළවෙනි ආදරේට තිත තියන්න. වෛරයක්, තරහවක් ඉතුරු කරන්නේ නැතුව, නිසල් එයා ආදරේ කරපු ගෑණු ළමයගේ ජීවිතෙන් අයින් වෙලා ගියා..

විරහ වේදනාව බෙදාගන්නත් නිසල්ගේ ළඟින්ම උන්නේ කළණ.. නැති වෙච්ච පළවෙනි ආදරේ වෙනුවෙන් හූල්ලන තමන්ගේ ඒක පාර්ශ්වික ආදරේ උරුමක්කාරයා වෙච්ච නිසල්ගේ කඳුලු පිහදාලා ඒ හිත හදන්න තරම් කළණ පරාර්ථකාමී ආදරවන්තයෙක් උනා. හැබැයි එයා කවදාවත් බලෙන් නිසල්ගේ හදවතට ඇතුලු වෙන්න උත්සාහ කරේ නෑ. කළණ නිසල් වෙනුවෙන් දුක් උනේ අවංකවමයි..

Iris (අයිරිස්)Where stories live. Discover now