03

242 40 15
                                    

"චූටි, කලණ අයියා කෝ?" විවාහ උත්සවේ අතරමගදී කලණව ඇහැ නොගැටුණ වෙලාවක, නිසල් එයාගේ මල්ලිගෙන් එහෙම ඇහුවා.

"බාර් එක පැත්තට ගියා දැක්කා." ලොකු පුඩින් කෑල්ලකට වග කියන ගමන් කවිත්ම එහෙම කිව්වා.

"අදත් බොන්න තියාගත්තද මේකා?!" කලණ ගියපු දිහාව ගැන කවිත්ම ඉඟි කරද්දී නිසල්ට ආවේ කේන්තියක්.

සඳනි, විවාහ උත්සවේට ආපු නෑදෑ හිත මිතුරෝ එක්ක කතාවකට වැටිලා ඉන්නකොට,  නිසල් බාර් එක පැත්තට ගියේ අමාරුවෙන් පාලයන කරගත්ත කේන්තියත් එක්ක.

නිසල් යනකොටත් කලණ හොඳටම බීමත් වෙලා..

කලණ, මේසෙක තනියම වාඩි වෙලා උන්නා.. ඒ මේසේ උඩ තිබුණේ හිස් අරක්කු බෝතලයක්. ඒ අතරේ කලණගේ අත් අස්සේ හිර වෙලා තිබ්බේ තවත් අරක්කු බෝතලයක්.  කලවම් කිරිල්ලක්වත් නැතුව එක හුස්මට බෝතලෙන් බාගයක්ම බීපු කලණ දිහා බලන් උන්නු නිසල්ට ආවේ එසේ මෙසේ තරහක් නෙවෙයි. 

"මොන හු##ක්ද තොට වෙලා තියෙන්නේ?!" නිසල් කලණගේ අතින් බෝතලේ උදුරලා අරන් පැත්තකට කරා.

"...නිසල්..?" කලණ කතා කරේ එයාගේ නිවිච්ච හඬින්.

"නිසල් තමා! මොන මඟුලක්ද උඹ මේ කරන්නේ?!" නිසල් ඇහුවේ තරහෙන්.

"...පොඩ්ඩක් බිව්වා.."

"පොඩ්ඩක්?! හොඳ පොඩ්ඩ! උඹට මොකද්ද කලණ වෙලා තියෙන්නේ?පිස්සෙක් වගේ බෝතලේ බදාගෙන ඉන්නේ?" නිසල් අහද්දී කලණ කොහෙදෝ ඈතක් බලාගත්තා.

".....මගේ පපුව පැලෙන්න එනවා බං.." කොච්චර බීමත් උනත්, කලණ කතා කරේ හරි පැහැදිලිව.

"උඹට මොකද්ද වෙලා තියෙන්නෙ කලණයා? උඹට මට කියන්න බැරි දේ මොකද්ද?!" කලණ තමන්ගෙන් මොනා හරි හංගනවා කියන හැඟීමට අකමැති වෙච්ච නිසල් එහෙම කිව්වේ කලණ ගාවින්ම වාඩි වෙන ගමන්.

"...මගේ පපුව රිදෙනවා බං.. හුස්ම හිර වෙන්න එනවා.. මාව පිච්චෙනවා වගේ බං.." කලණ එහෙම කියලා එයාගේ පපුවෙන් අත තියාගත්තේ ඒ මූණෙන් පවා වේදනාව පෙනෙද්දී.

නිසල් බය උනේ කලණට අසනීපයක් කියලා..

"ඇල්කොහොල් ඕවර්ඩෝස් එකක්වත්ද? පරයා තෝ බෝතලේ කටේ ගහන් බිව්වේ! වරෙන් යන්න හොස්පිටල් එකට!" එහෙම කියලා නිසල් පුටුවෙන් නැගිට්ටේ කලණවත් ඇදල ගන්න ගමන්.

Iris (අයිරිස්)Where stories live. Discover now