19

191 37 17
                                    

කලණගේ රැකියාවේ කාර්යබහුල බවත් එක්ක, කැම්පස් එකේදී අයෝධ්‍යටයි කලණටයි මුණ ගැහෙන්න උනේ නැති තරම්..

දවසින් දවස කාලේ ගෙවිලා ගිහින් නවක ශිෂ්‍ය පිරිස කැම්පස් එකට පිළිගන්න 'සෝශල්' එකත් ඉවර උනා. දැන් නම් එයාලට ලොකුවට තහංචි නෑ කැම්පස් එක ඇතුලෙදී. ජෞෂ්ඨ පිරිස උනත් හිටියට වඩා එකතුයි, සමීපයි. ඔය අතරේ අයෝධ්‍යගෙයි කලණගෙයි සම්බන්ධේ ගැන කවිත්ම, අභිසෙස් වගේම සචිත්‍ර, සඳරු දෙන්නත් දැනගත්තා. මාස හයක් තිස්සේ රහසින් ගියපු ආදර කතාව නිසල්ට ආරංචි උනේ ඔන්න ඔය විදිහට..

ඇත්තම කිව්වොත් ඒ දෙන්නා එයාලගේ ආදර කතාව ගැන හැමෝගෙන්ම හැංගුවා නෙවෙයි.. ඒ ගැන කියාගන්න හරිහමන් වෙලාවක් ලැබුණේ නැති එකයි උනේ. කලණට විවේක ලැබුණේ සති අන්තේ විතරයි. ඒ දවස් දෙකත් එයාට ඇගයීම් ලකුණු කරන වැඩ, උත්තර පත්‍ර බලන වැඩ, ප්‍රශ්න පත්‍ර හදන වැඩ වගේ දේවල් වලට වෙන් කරන්න උනා. ඒ වගේම නිවාඩු පාඩුවේ අයෝධ්‍යව මුණ ගැහිලා කතා බහ කරන්න ඉතුරු උනෙත් ඒ දවස් දෙක.. ඉතින් නිසල් එක්කවත්, කවිත්ම, අභිසෙස් කට්ටිය එක්කවත් හරියට කතා බහ කරන්න වෙලාවක් ලැබුනේ නෑ. අනිත් එක අයෝධ්‍ය ඔය ගැන කවිත්මට කියන්න ගියෙත් නෑ. කලණ කියනකම්ම ඉන්න එක හොඳයි කියලා එයාට හිතුනා..

කලණයි අයෝධ්‍යයි අතරේ යම්කිසි දෙයක් සිද්ධ වෙන බව තේරුනත්, කවිත්ම ඒ ගැන අහන්න ගියේ නෑ. ඒ දෙන්නා කියනකම්ම ඉන්නවා කියලා කොල්ලා ඉවසන් හිටියා. කලණගේ කටින් ටක්කෙටම කතාව දැනගත්තට පස්සේ කොල්ලා කෙලින්ම ඒක නිසල්ගේ කනේ තිබ්බා.

නිසල්, කලණ දෙන්නා එදිනෙදා කෙටි පණිවිඩ හුවමාරු කරගත්තත්, කලණගේ කාර්යබහුල බව නිසා එයාගේ ජීවිතේට එකතු වෙච්ච ආදරවන්තයා ගැන නිසල්ට කියන්න වෙලාවක් කලණට ලැබුණේ නෑ. ඕකෙන් මේකෙන් උනේ කලණ එයාගෙන් මේ කතාව හැංගුවයි කියලා කොල්ලා හිත රිද්දගත්ත එක. කවිත්ම ඒ ගැන කිව්වා විතරයි, පස්සේ දවසෙම නිසල් පේරාදෙණියට ආවේ මූණ හොඳටෝම කලු කරගෙන..

එදා දවසේ විවේක කාලයට කලින් තිබුණ ලෙක්චර් එක ඉවර කරපු කලණ, එයාගේ වතුර බෝතලේ අරින ගමන් ළඟ තිබුණ පුටුවෙන් වාඩි උනේ පැය දෙකක් තිස්සේ හිටගෙන කතා බහ කරලා දැනුන තෙහෙට්ටුව නිසා. වතුර බෝතලෙන් භාගයක්ම එක හුස්මට බීගෙන බීගෙන ගියපු කලණ ලොකු හුස්මක් අරන් ඇස් දෙක පියාගත්තේ ලාවට හිස රදයක් අල්ලද්දී.

Iris (අයිරිස්)Where stories live. Discover now