ගෙජ්ජි ගිගිරි සද්දේ එහා පැත්තෙ බැද්දේ අතුරු මිතුරු යාලු මිතුරු වු### යාලූ "
" දොන් ජින් ජින් දොන් තරිකිට හුම්## රබානේ "
" මොනාද යකෝ ඔය කරන්නෙ නවත්තපන් ඔය විකාරේ යකෝ ගුරුවරයෙක් නැති වෙනකම් ඉදලා හැමදාම ඕක කරන්නද උබලා හදන්නෙ පුලුවන්නම් මගේ බැජ් එක ගලවපන් "
"හයියෝ රශ් මොකක්ද බන් ආතල් එක කෑවනේ "
"අනේ මේ මුකුත් අහගන්නෙ නැතුව බැහපන් ඩෙස්ක් එකෙන් බිමට.. තෝ නේද යකෝ ඩිපියුරිටි.. තෝත් මෙහෙම උනාම අනිත් උන් කොහොම වෙයිද "
" මෙහෙමනෙ රශ්... මට බැජ් එක දුන්න එකට මන් මොනා කරන්නද ඉතිම්..
බලපන් ඉන්ටවල් එකට තව විනාඩි දහයයි.. ඔන්න ඕකෙත් මේ වැඩේ කරමු බන්
ඔන්න මලිතයා අල්ලපන් ඉතුරු ටික "පන්තියට එද්දිම කාලගෝට්ටිය ඇහෙද්දි මට කේන්ති ගියා. ඒක අස්සෙ අර ඩිපියුරිටි කියන එකා ඩෙස්ක් එකක් උඩ නැගගෙන සින්දු කියනවා. මූ කිවුවා වගේ කවුද දන්නෑ මූට බැජ් එක දුන්නෙ. මොකා උනත් ඇස් පොට්ට එකෙක් වෙන්න ඇති.රවියලාට ඕන මගුලක් කර ගන්න කියලා පැත්තක තිබ්බ පුටුවකින් වාඩි උනේ මම මග ඇරිච්ච නෝට් වගයක් ලියන්නත් එක්ක.
විනඩි දහයක් හරියට නෝට් එක ලියන්න උනේ නෑ හෙනගහන්න වගේ ඉන්ටවල් බෙල් එක ගැහුවා.මෙච්චර පන්තියෙ සද්දෙ තියෙද්දිත් ගිම්හනයා පුප උඩ දාගෙන කනමදා වගේ නිදි.රවියා වෙනම කට්ටක් කන්නෙ මූව ඇහරවන්න.
"අඩෝ අඩෝ අඩෝ ඉන්ටෝල් බෙල් ගැහුවා යකෝව්.. නැගිටපන් පකෝ කන්න යන්න.. නැගිටපා.....න් පකෝඕඕඕඕඕඕඕ......"
" මොකද වුත්තො කන පල්ලෙ බෙරිහන් දෙන්නෙ මගේ කන් හොදට ඇහෙනෝ "
" අන්න අර මගුල ගැහුවා යමන් දැන් වත්"
"මොන මගුලද.. කාට ගැහුව කවුරු ගැහුවා කියලද කියන්නෙ "
" අහවල් එකේ අමරුවක් නෙමේ යකෝව් ඉන්ටවල් බෙල් එක ගැහුව කියල කිවුවෙ "
"අහ් ඒක මිසක්"
"මේ රශ් උබ ඕක දැන් ලියලා කැම්පස් යන්න නෙමෙනේ.. මෙන්න මෙහෙ වරෙන් යන්න.. උබට බුලත් දෙන්න ඔනෙ නෑනෙ..