උදේ පාන්දර හයට වැදුන බෙල් එකට බැන බැන ස්කූල් යන්න රෙඩි වෙලා මන් පහලට යනකනුත් අයියා මගේ ජාතිය අමතනවා..
"බබී තමුසේ ජීවිතේකට වෙලාවකට වැඩක් කරනවද දැන් බලනවා වෙලාව"
" හරි හරි ඉතිම්... මනුස්සයොන්ටනෙ වරදින්නෙ "
"අනේ මේ බුදු ටෝක් දෙන්නැතුව එනවා ඉක්මන්ට"
අපි දෙන්නම අයියගෙ වාහනෙම් ඉස්කෝලෙට ගිහිල්ලා අයියා ඔෆිස් එක ඇතුලට ගියේ මාව එලියෙන් තියලා.. ඔෆිස් එකේ සර් අයියගේ යලුවෙක්ලු.. හපෝ මන් ඉදලත් ඉවරයි.. ඔක්කොම කේලම් අයියගේ කනේ ශික්.. එතන හිටපු අන්කල් කෙනෙක් මට අතුලට එන්න කිව්වා කියලා ගියා මාත් අතුලට ගියා..
" ලොකු ඉලන්දාරියෙක් කියලා මන් හිතුවෙ ඒලෙවෙල් කිව්වම.. බලනකොට පොඩි කොල්ලෙක්නෙ.. අයියා වගේ සැර පාටනම් නෑ.. හෙන හුරතල් පාට කොල්ලෙක්නෙ.."
" අම්මෝ මාර හුරතල්.. මට හැමදාම ඔෆිස් එකට එන්න වෙයිද දන්නෑ නඩු වලට "
අයියයි පින්සිපලුයි කතා කර කර ඉද්දි මෙවීන්ලා එතනට කඩාගෙන පැන්නෙ තව ලමයි ටිකකුත් එක්ක.. එයාලා ආවම අයියා මෙවීන්ටත් හිනාවක් දීලා යන්න ගියා..
" අඩෝඕඕඕඕ.... ශාක්‍ය යකෝ දැක්ක කල් බම් උබ ගියා ගියාමයි ආයේ ආවෙත් නෑ"
ආපූ ගමම් ම තැන බලන්නෙ නැතුව කියවගෙන කියවගෙන ගියේ මන් මෙවීන් දිහා ඔහේ බලාගෙන ඉද්දි..
" මෙවීන් ඔ-"
ඔය ඉතිම් මට පේන්න බැරි වැඩේ මන් කතා කරද්දි මැදින් පනිනකොට
" ඔහෙම හිටපන් මට කියපන් මොන ක්ලාස් එකේද උබ අපි c ක්ලාස් එකේ"
" මන් D ක්ලාස් එකේ"
" හිටාම් පිනාට අපි වැදලා හරි උබව C එකට දා ගන්නම් "
එහෙම කියලා ඔෆිස් එක ඇතුලට ගියපු මෙවීන් විනාඩි දහයකට විතර පස්සෙ එලියට අවේ
" යමන් අපේ ක්ලාස් එකට "
"සර් මාව මාරු කරාද "
"ඔව් ඔව්... අපි සර්ගෙ අහවල් එකට විතරයි වැන්දෙ නැත්තෙ උබව දා ගන්න "
මට මෙවීන් කියන සමහර දේවල් නොතේරුනත් මන් ඔලුව වැනුවා..
" මෙහ් මෙවීන් මේ අනිත් අය කව්ද "