මට පිස්සු වගේ අප්පා... මොනාද මේ වෙන්නෙ.. එයා එයා මට ආදරෙයිලු අනේ මේ මුලු බෝයිස්කූල් එකේ ගැම්මෙම් ම ඉන්න ස්කූල් එකේම කඩවසම්ම තරුනයා... ගල්ස්කූල් එකේ හැම කෙල්ලෙක්ගෙම ක්‍රශ් එක.. දෙවියනේ මට කැමතිලු... මට පිස්සු වැටිලලු.... මට ආදරෙයිලු.....
මගේ හිතේ මේ තියන හැගීම ආදරයක්ද කියන එක නොතෙරුනා වගේ හැසිරෙන්න මම උත්සාහ කලත් කොහොමද දෙවියනේ මන් ඒ මූන බලන් බෑ කිව්වෙ.... මන් බෑ කිව්වමත් එයා පරිස්සමින් යන්න කිව්වා.... මට බෑ එයාව මගේ මර උගුල් වල පටලවන්න.... හරි නිදහසේ ජීවත් වෙන ෆැමිලි එකකට බිස්නස් පස්සෙ වහ වැටීගෙන යන ෆැමිලි එකක කෙනෙක් ගැලපෙන්නෙ නැ.....
අයියා මමී කොච්චර කැමති උනත් මම දන්නවා මාව හදාගන්න ගත්ත ලමයෙක් කියලා..... අයියා ලන්කාවට එන්න එකම හේතුවත් එයා ගේ උනා කියලා ඩැඩා එයාව නොමරා මැරුවා.. ඒ කොල්ලව මරන තත්වෙට පත් කරලා සම්බන්දෙ නතර කෙරෙව්වා...අනේ මට බෑ මන් නිසා කාටවත් එහෙම වෙනවා දකින්න.... අනේ මට සමාවෙන්න අයියෙ... මට සමාවෙන්න... මාත් උබට ආදරෙයි අයියේ.... උබ දැක්ක දවසෙම මට බැනපු මුල්ල දවසෙම මට අමුත්තක් දැනුනා අයියේ... ඒත් මට සමාවෙන්න...
කතා වල විතරක් පලමු බැල්මෙන් ආදරේ ඇති වෙනවා කිව්වට විශ්වාස නොකෙරූ මම ම අද ඒක විශ්වාස කරනවා...
ඒ ඇස් හැම තිස්සෙම මන් ලග කැරකෙනවා... මාව පරිස්සම් කරන්වා වගේ මට දැනෙන්නෙ...මහ නපුරු චරිතයක් පිටට පෙන්නුවට හරි ආදරනීය චරිතයක් වෙන්න ඕනේ...
"ඒයි.... තමුසෙ මොකෝ මූඩ් ගහම්... මෝනින් සික්නස් වගේ බන් ඒව්... "
"අනේ හිටාන්කො අයියේ...."
මන් හිටියෙ ගෙදර යන ගමන්... අයියා ආපු සැනින් මෙවීටවත් නොකියා මාන් කැබ් එකට දිව්වා... ආපු වෙලේ ඉදන් කල්පනා කර කර ඉදලා අයියා ඔලුවටම ගැහුවා....
"අයියෙහ්....දෙයක් අහන්නම් ඇත්තම කියනවද "
"මොකක්ද සුදා අහන්න "
"නදීර අයියා ගැන ඔයා හෙව්වෙ නැද්ද..
එයා කොහෙද.... එයා මැරි කලාද""මන් දන්නෙ නෑ චූටි.... මන් එයාව අත් ඇරලයි මෙහෙ ඉන්නෙ... මන් එයා ගැන හොයන්නෙ නෑ... මට බෑ බන් ආයේ වැටෙන්න... මට එහෙවත් ඉන්න හිත දෙන්නෙ නෑ.... ඇයි බන් ඩඩා එහෙම කලේ... එයාගෙ බිස්නස් වලට ඇයි බන් එහෙම....."