parta 07

167 6 1
                                    

"අනේ කොස්ඇට ගවයෝ ගොටුකොල පෙන්දෝ තෝ දැන්ද කැරියෝ එන්නෙ"

"යොහ්... මන් ලේට්ද රවියෝ "

"ලේට්ද අනේ මේ මගේ ලේ කෝප නොකර වරෙන් පගයෝ... ඔය බෑග් ටික දියන් ඩිකියට දාන්න "

මාව තාත්ති ස්කූල් එකෙන් ඩ්‍රොප් කරගෙන යද්දිම  වගේ රවියා ඇතුලු සේනා ස්න්විදානය මන් ඉන්න දිසාවට කඩා බිදගෙන ආවා....ආපු ගමන් මට දෙස් දෙවොල් තියාගෙන ගිහින් මගේ බෑග් ටික අරගෙන අපේ බස් එකේ ඩිකියට දාන්න ගියා...

"ඔය ඕකත් දියම් "

"ආ ගනිම් ඉතිම්...අනෙ අනේ පකෝ ඔය මගේ ගිටාර් එක ඕක මේ යටිබඩ  අස්සට දාන්නෙපා ගොනෝ "

කලුවරේ නිසා මෙලෝ මගුලක් පේන්නෙ නැති නිසාත් රවියා මගේ ගිටාර් එක ඇදලා ගත්තා... ඇදලා ගත්ත පාර තව පොඩ්ඩෙන කම්බි ටිකටත් හරි....මොකක් හරි උනානම් මගේ පන ඩින්ගත් යනෝ...ලමයි හැමෝම බස් වල වාඩි කරලා ප්‍රිෆෙක්ට්ලා දෙතුන් දෙනෙකුයි අපේ ගොන් ගදයො ටිකයි එලියෙ හිටියෙ.. බස් ටික අද්දද්දිම වගේ අපි ටිකත් බස් එකට නැග්ගා...

" මොන හුත්... අනේ ඩ්‍රයිව අයියේ ඔය ලයිට් ඔක්කොම දාපන්යකෝ ...මොකක්ද මේ කනාමැදිරි පුකක් පත්තු කරන් ඉන්නෙ... "

බස් එකේ පොඩි බල්බ් එකක් විතරයි දාලා තිබ්බෙ... නැග්ග පාර ඔලුව දෙදරලා යන්න හොද ශොට් එකක් රවියට හම්බ උනා..හොද වැඩේ ගොන් පගයට....බස් එකේ ලයිට් ටිකත් දාගෙන අපිට වාඩි වෙන්න ශීට් එකක් හෙව්වා... යකොව් පිටිපස්සෙ ම ශීට් එක හිස්...

"මේ... ගිම්හානයෝ මේ බලහන්කො කටත් ඇරිලා යකෝ ගම්මිරිස් ඇටේගෙ"

"කට කට යකෝ ඇහුනොත් ඇටේගෙන් නෙමෙ  කන්න වෙන්නේ බූස්ටන් පගයගෙන් ගෙන් "

"ඔව් බන් දෙකට නවලා හරි වේවැල පුකේ ගහන් එන්නැති "

මන් ගිටාර් එක පිටිපස්සෙ ශීට් එකේ බිමින් හේත්තු කරලා ගිහින් තිව්වා...ගිම්හානයයි රවියයි මලිතයයි පිටිපස්සට එනකොට තමා මන් දැක්කෙ  ඉස්සරහම ඉදන් ගම්මිරිස් ඇටේ ඒ කියන්නෙ අපේ ඉස්කෝලෙ බූගෝලෙ උගන්නන මිස් අනිත් බූස්ටයි කටත් ඇරන් හොදටම නිදි...රවියලත් ඇවිත් අත පය දිග ඇරගෙන වාඩි උනා... මන් ඇස් කරකවලා බැලුවා ලග පාත ඉන්නෙ කව්ද කියලා... අපේ ශීට් එකට ඉස්සරහ එකේ බානු මලයයි ඩිලයි ඉන්නවා... ෆුට් බෝඩ් එක පැත්තෙ තිබුන ශීට් එකේ මෙවීන් මල්ලියි උගේ අතේ පොඩිම ඇගිල්ලෙ එල්ලිලා ඉන්න වදුරු පැටියයි.... යකෝ උගේ කිව්ට් බලහන්කො..කන්න හිතෙනවනෙ...

𝑯𝒖𝒈 𝒎𝒆 (𝒃𝒍 𝒔𝒕𝒐𝒓𝒚)Where stories live. Discover now