"මචාන්... අපෝ බන් අද ගෙදර හිටියනම් මන් නිදා ගන්නවා රෙද්ද... බලපන් මගේ මිනියත් මන් දැක්කා පාර පැත්තට යනෝ... යමන් බලන්න... "අපි හිටියෙ ස්කෝලේ.. අද ආෆ්ට ඉස්කූල් දාලා අපිටයි අපිට උඩ පන්තියටයි....මේ.. ම්ම්... රවි අයියා ඉන්නවා කියන්නෙ එතන දිල්හාර අයියා අනිවාරෙන් ඉන්නවා... ඒක නිසා මාත් මූ එක්ක පාර පැත්තට යන්න ආවා... දැන් වෙලාව පහ විතරටත් ඇති අපිට ක්ලාස්තුත් ඉවරයි... රවි අයියලාට පහ හමාර වෙනකන්ද කොහෙද තියනවා....එයාලට විනාඩි දහයක ඉන්ටවල් එකක් දීලා තිබ්බෙ...
බෑග් එකත් කරේ දාගෙන ගේට් එකෙන් එලියට බහින්න උනෙත් නෑ ගිමා අයියා 'ඉක්මන්ට වරෙන් අන්න බොලාගෙ මිනිස්සු මරා ගන්නෝ පාරවල් ගානේ'
කියාගෙන හන්දිය පැත්තට දිව්වා... මෙවීයත් සතෙක් දිහා බලනවා වගේ මන් දිහා බලලා හන්දිය පැත්තට ගියා... එතන එහෙම ලොකුවට මිනිස්සු නැති තැනක්... ඈතට දැක්කෙ අපේ ස්කූල් එකේ දිල් අයියගෙ යාලුවො හතර දෙනයි කව්දෝ කොල්ලො දෙන්නෙකුයි කෙල්ලෙකුයි... පොඩ්ඩක් හිටපන් යකුනේ අර දිල්හාර අයියගෙ ඇගේ වෙලීගෙන මැරෙන්න හදන සුජූ ඉන්නෙ අතන...අපි දෙන්නා ලගට යනවත් එක්කම දිල්හාර අයියා අර හිටපු කොල්ලෙග්ගෙ ටී ශට් එකෙන් ඇදලා ඌගේ මූනටම ගහලා බනින්න ගත්තා...
" තොට හොදින් මේ කෙල්ල කිව්වනේ... මේ කෙල්ලගෙ නෙමේ නෙ වැරැද්ද.. තොපේ නේද ආ... "
"අනේ රශ් ඇතිනෙ අනේ.. දැන් ඔයා ආවනේ... යමුකො "
"එහාට වෙයන් සුදූ මගේ මාරයා අවුස්සන්නෙ නැතුව... උබට මොනා හරි උනානම් මන් මේකගේ කෑලි තියන්නෙ නෑ... "
දිල්හාර අයියගේ පිටිපස්සෙන් ශට් එකේ එල්ලිලා ආන්යා අඩන්න වගේ කතා කරද්දි දිල්හාර අයියා බැන්නත් ඒ වචන වල ඒ ගෑනු ලමයව කොච්වර පරිස්සන් කරනවද කියලා කියවුනා... මටත් ඒ ආදරේ ලැබුනනම් මමත්....ආර්හ්... මට ඇඩෙනවා.. අනේ මට දුකයි මගේ කරගන්න තිබුන ආදරේ වෙන කෙනෙක්ගෙ නමේ ලියවෙනකොට.... ඒ එයා ඒ ගෑනු ලමයට ආදරේ නම් ඇයි ඇයි එයා මාව රැවැට්ටුවෙ... ස්කූල් එකෙන් යන්න කලින් කියලා යන්න කිව්වත් එයා එතන රන්ඩුවක් නිසා මන් කියන්නෙ නැතුවම පෝන් එකෙන් වෙලාවත් බලලා යන්න ගියා මොකද තව හිටියොත් ඔතන් කව්රු නැතත් මට ඇඩෙන නිසා...